Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ከህፍ   አንቀጽ:
فَلَمَّا جَاوَزَا قَالَ لِفَتٰىهُ اٰتِنَا غَدَآءَنَا ؗ— لَقَدْ لَقِیْنَا مِنْ سَفَرِنَا هٰذَا نَصَبًا ۟
ඔවුන් දෙදෙනා එම ස්ථානය තරණය කරන කල්හි, මූසා (අලයිහිස් සලාම්) ඔහුගේ සේවකයාට, "උදෑසන ආහාර වේල අප වෙත ගෙන එන්න. සැබැවින්ම අපි අපගේ ගමනෙහි දැඩි සේ වෙහෙසට පත්ව ඇත්තෙමු" යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اَرَءَیْتَ اِذْ اَوَیْنَاۤ اِلَی الصَّخْرَةِ فَاِنِّیْ نَسِیْتُ الْحُوْتَ ؗ— وَمَاۤ اَنْسٰىنِیْهُ اِلَّا الشَّیْطٰنُ اَنْ اَذْكُرَهٗ ۚ— وَاتَّخَذَ سَبِیْلَهٗ فِی الْبَحْرِ ۖۗ— عَجَبًا ۟
එවිට එම සේවකයා, "ගල්පර්වතය වෙත රැකවරණය පතා ගිමන් හරින්නට ගිය අවස්ථාවේ සිදු වූ දේ ඔබ නොදුටුවෙහි ද? එම මත්සයා ගැන කරුණු ඔබ වෙත දන්වා සිටීමට සැබැවින්ම මට අමතක විය. මා නුඹට ඒ ගැන මතක් කිරීමට අමතක කෙරෙව්වේ ෂෙයිතාන් මිස වෙනත් කෙනෙකු නොවේ. මත්සයාට ජීවය ලැබිණ. ඌ වෙනුවෙන් සාගරයේ ඉතා පුදුම සහගත ලෙස මාර්ගයක් ඌ තනා ගත්තේය." යැය පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ ذٰلِكَ مَا كُنَّا نَبْغِ ۖۗ— فَارْتَدَّا عَلٰۤی اٰثَارِهِمَا قَصَصًا ۟ۙ
මූසා (අලයිහිස් සලාම්) තුමා තම සේවකයාට, "අප අපේක්ෂා කරමින් සිටියේ එයයි. එය එම දැහැමි ගැත්තා සිටින ස්ථානයේ සළකුණ වේ" යැයි පැවසීය. පසුව ඔවුන් දෙදෙනා අතරමං නොවනු පිණිස ඔවුන් ආ අඩි සළකුණු මතම අනුගමනය කරමින් එම ගල් පර්වතය වෙත නැවතත් හැරී ගියෝය. මත්සයා පිවිසුණු ස්ථානය එහි විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَوَجَدَا عَبْدًا مِّنْ عِبَادِنَاۤ اٰتَیْنٰهُ رَحْمَةً مِّنْ عِنْدِنَا وَعَلَّمْنٰهُ مِنْ لَّدُنَّا عِلْمًا ۟
මත්සයා නැති වී ගිය ස්ථානයට ඔවුන් දෙදෙනා ළඟා වූ කල්හි අපගේ දැහැමි ගැත්තන් අතරින් ගැත්තෙකුව ඔවුන් දෙදෙනා දුටුවෝය. (ඔහු හිළර් -අලයිහිස් සලාම්- තුමා ය.) අප වෙතින් වූ ආශිර්වාද අපි ඔහුට පිරිනැමුවෙමු. මිනිසුන්ට ඒ වෙත එබී බැලිය නොහැකි දැනුමක් අප විසින් ඔහුට පිරිනැමුවෙමු. මෙම කතාවේ අන්තර්ගතය එයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ لَهٗ مُوْسٰی هَلْ اَتَّبِعُكَ عَلٰۤی اَنْ تُعَلِّمَنِ مِمَّا عُلِّمْتَ رُشْدًا ۟
"අල්ලාහ් ඔබට උගන්වා ඇති සත්ය වෙත මඟ පෙන්වීමක් වූ දැනුමෙන් මටත් ඔබ උගන්වන පරිදි මම ඔබව පිළිපදින්නදැ?"යි මූසා තුමා බැගෑපත් ව කරුණාවෙන් ඉල්ලා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اِنَّكَ لَنْ تَسْتَطِیْعَ مَعِیَ صَبْرًا ۟
හිළර් තුමා, "නුඹ වෙත ඇති දැනුමට මාගේ දැනුම අනුගත නොවන බැවින් මාගේ දැනුමෙන් නුඹ දකින දෑ මත ඉවසීමෙන් කටයුතු කිරීමට සැබැවින්ම නුඹට නොහැකි වන්නේය." යැයි පවසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَیْفَ تَصْبِرُ عَلٰی مَا لَمْ تُحِطْ بِهٖ خُبْرًا ۟
"එහි ඇති දෑ පිළිබඳ ඔබේ දැනුම සීමා වී ඇති බැවින් ඒ ගැන නිසි අවබෝධයක් නොමැති ක්රියාවන් නුඹ දකින විට ඒ මත නුඹ කෙසේනම් ඉවසා දර ගත හැකි වන්නේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ سَتَجِدُنِیْۤ اِنْ شَآءَ اللّٰهُ صَابِرًا وَّلَاۤ اَعْصِیْ لَكَ اَمْرًا ۟
"අල්ලාහ් අභිමත කළේ නම්, ඔබෙන් මා දකින ක්රියාවන් මත මා ඉවසන්නෙකු ලෙසත්, ඔබව මා අනුගමනය කරන්නෙකු ලෙසත් ඔබ දකිනු ඇත. ඔබ කවර කරුණක් මාහට නියෝග කරන්නේ ද ඒ සම්බන්ධයෙන් මම ඔබට පිටුනොපාමි." යැයි මූසා (අලයිහිස් සලාම්) තුමා පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ فَاِنِ اتَّبَعْتَنِیْ فَلَا تَسْـَٔلْنِیْ عَنْ شَیْءٍ حَتّٰۤی اُحْدِثَ لَكَ مِنْهُ ذِكْرًا ۟۠
හළිර් තුමා මූසා තුමාට, "නුඹ මා අනුගමනය කරන්නෙහි නම්, මා කවර ක්රියාමාර්ගයක් ගනු නුඹ මා දකින්නේ ද, එහි ස්වරූපය මා පළමුව නුඹට පැහැදිළි කරන තෙක් ඒ කිසිවක් සම්බන්ධයෙන් නුඹ මගෙන් නොවිමසිය යුතුය" යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَانْطَلَقَا ۫— حَتّٰۤی اِذَا رَكِبَا فِی السَّفِیْنَةِ خَرَقَهَا ؕ— قَالَ اَخَرَقْتَهَا لِتُغْرِقَ اَهْلَهَا ۚ— لَقَدْ جِئْتَ شَیْـًٔا اِمْرًا ۟
ඒ සඳහා ඔවුන් දෙදෙනාම එකඟ වූ පසු නැවක් දකින තෙක් වෙරළ තීරයේ ඔවුන් දෙදෙනා ගමන් ගත්හ. හිළර් තුමාට ඇති ගෞරවය හේතුවෙන් කිසිදු කුලියකින් තොර ව ඔවුන් දෙදෙනා එයට ගොඩ වී ගමන් ගත්හ. එවිට හළිර් තුමා නැවෙහි ඇති ලෑලි අතරින් ලෑල්ලක් පළුඳු කර දිගු පැල්මක් ඇති කළේය. එවිට මූසා ඔහුට, "කිසිදු කුලියක් නොගෙන අප ව ප්රවාහනය කරන එම නැවේ අයිතිකරුවන්ගේ නැව ඔවුන් දියේ ගිලී යන පරිදි නුඹ පළුඳු කළෙහි ද? සැබැවින්ම ඔබ බරපතළ කරුණක් සිදු කර ඇත්තෙහිය," යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اَلَمْ اَقُلْ اِنَّكَ لَنْ تَسْتَطِیْعَ مَعِیَ صَبْرًا ۟
"මා තුළින් නුඹ දකින දෑ මත මා සමග ඉවසීමෙන් කටයුතු කිරීමට සැබැවින්ම නුඹට නොහැකි බව මම නුඹට නොකීවෙම් ද?" යැයි හිළර් තුමා මූසාගෙන් විමසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ لَا تُؤَاخِذْنِیْ بِمَا نَسِیْتُ وَلَا تُرْهِقْنِیْ مِنْ اَمْرِیْ عُسْرًا ۟
"අමතක වීමෙන් ඔබ සමග ඇති කරගත් ගිවිසුම මා අතහැර දැමීම හේතුවෙන් නුඹ මා වැරදිකරුවෙකු ලෙස නොගන්න. මා අපහසුතාවට පත් නොකරන්න. ඔබ සමග වූ සම්බන්ධතාව හිර නොකරන්න" යැයි මූසා තුමා හිළර් තුමාට පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَانْطَلَقَا ۫— حَتّٰۤی اِذَا لَقِیَا غُلٰمًا فَقَتَلَهٗ ۙ— قَالَ اَقَتَلْتَ نَفْسًا زَكِیَّةً بِغَیْرِ نَفْسٍ ؕ— لَقَدْ جِئْتَ شَیْـًٔا نُّكْرًا ۟
ඔවුන් දෙදෙනා නැවෙන් ගොඩ බැස්සායින් පසු වෙරළ තීරයෙහි ගමන් ගත්හ. එවිට කුඩා දරුවන් සමග සෙල්ලම් කරමින් සිටි වැඩිවියට පත් නොවූ දරුවකු ඔවුන් දෙදෙනාම දුටුහ. හිළර් තුමා ඔහු ව මරා දැමීය. එවිට මූසා එතුමාට, "කිසිදු වරදකින් තොර ව වැඩිවියට පත් නොවූ පිවිතුරු ආත්මයක් නුඹ මරා දැම්මෙහි ද?. නුඹ පිළිකුල් සහගත කරුණක් සිදු කර ඇත්තෙහිය" යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• استحباب كون خادم الإنسان ذكيًّا فطنًا كَيِّسًا ليتم له أمره الذي يريده.
•බුද්ධිමත්, නැණවත් හා දක්ෂ සේවකයකු තමන් කැමති කටයුතු සම්පූර්ණ කිරීම සඳහා යොදවා ගැනීම සතුටුදායකය.

• أن المعونة تنزل على العبد على حسب قيامه بالمأمور به، وأن الموافق لأمر الله يُعان ما لا يُعان غيره.
•සැබැවින්ම උපකාරය ගැත්තා වෙත පහළ වනුයේ ඔහුට නියෝග කරනු ලැබූ දෑ ක්රියාත්මක කිරීම අනුවය. සැබැවින්ම අල්ලාහ්ගේ නියෝගයට අනුගතවීමෙන් කිසිවකු උදව් නොලබන දැයකින් උදව් කරනු ලබනු ඇත.

• التأدب مع المعلم، وخطاب المتعلم إياه ألطف خطاب.
•ගුරුවරයා සමග බැඳුණු විනය. ශිෂ්යයා ඔහු සමග ඉතා සැහැල්ලුවෙන් විනයානුකූල ව කතා කළ යුතු වේ.

• النسيان لا يقتضي المؤاخذة، ولا يدخل تحت التكليف، ولا يتعلق به حكم.
•අමතක වීම වරදක් ලෙස ගනු නොලැබේ. එය වගවීම යටතට පත් නොවනු ඇත. එමෙන්ම ඒ සමග කිසිදු නීතියක් නොබැඳෙනු ඇත.

• تعلم العالم الفاضل للعلم الذي لم يَتَمَهَّر فيه ممن مهر فيه، وإن كان دونه في العلم بدرجات كثيرة.
•ශ්රේෂ්ඨ විද්වතෙකු තමන් නිපුණත්වය නොලැබූ දැනුමක් හැදෑරීම සඳහා ඒ පිළිබඳ නිපුණත්වය ඇත්තාගෙන්, ඔහු ඔහුට වඩා දැනුමෙහි විවිධ තරාතිරම්වලින් අඩු වුව ද හැදෑරීම.

• إضافة العلم وغيره من الفضائل لله تعالى، والإقرار بذلك، وشكر الله عليها.
•දැනුම හා වෙනත් දෑ අල්ලාහ් වෙත සම්බන්ධ කොට පැවසීම. ඒ ගැන පිළිගැනීම හා ඒ සඳහා අල්ලාහ්ට කෘතඥතාව පුද කිරීම.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ከህፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት