Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ   አንቀጽ:
اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ یَزْعُمُوْنَ اَنَّهُمْ اٰمَنُوْا بِمَاۤ اُنْزِلَ اِلَیْكَ وَمَاۤ اُنْزِلَ مِنْ قَبْلِكَ یُرِیْدُوْنَ اَنْ یَّتَحَاكَمُوْۤا اِلَی الطَّاغُوْتِ وَقَدْ اُمِرُوْۤا اَنْ یَّكْفُرُوْا بِهٖ ؕ— وَیُرِیْدُ الشَّیْطٰنُ اَنْ یُّضِلَّهُمْ ضَلٰلًا بَعِیْدًا ۟
අහෝ දූතය, සැබැවන්ම නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ හා නුඹට පෙර සිටි නබිවරුන්ට පහළ කරනු ලැබූ දෑ තමන් විශ්වාස කරන බවට බොරුවට තර්ක කරන යුදෙව්වන් අතර සිටින කුහකයින් එකිනෙකාට විරුද්ධ ව කටයුතු කරනු නුඹ නොදුටුවෙහිද? ඔවුන්ගේ ගැටලු සඳහා මිනිසාට අල්ලාහ් නොදුන් පිළිවෙතකින් ඔවුන් තීන්දු ලබන්නට අපේක්ෂා කරති. අල්ලාහ් දුන් දෑ ප්රතික්ෂේප කරන්නැයි නියෝග කරති. ඔවුන් සත්යයෙන් දුරස් කිරීමට ෂෙයිතාන් අපේක්ෂා කරයි. ඒ සමග ඔවුන් යහමග නොලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا قِیْلَ لَهُمْ تَعَالَوْا اِلٰی مَاۤ اَنْزَلَ اللّٰهُ وَاِلَی الرَّسُوْلِ رَاَیْتَ الْمُنٰفِقِیْنَ یَصُدُّوْنَ عَنْكَ صُدُوْدًا ۟ۚ
නුඹලා අතර පවතින තර්කයෙහි නුඹලාට තීන්දු ලබා දෙනු පිණිස අල්ලාහ් තම පුස්තකයේ පහළ කර ඇති නීතිය වෙත හා දූතයාණන් වෙත පැමිණෙන්නැයි කුහකයින්හට පවසනු ලැබූ විට අහෝ! දූතය, නුඹව ඔවුන් මුළුමනින්ම පිටුපා තීන්දු පැතීම සඳහා නුඹ හැර වෙනත් අය වෙත යනු නුඹ දුටුවෙහිය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَكَیْفَ اِذَاۤ اَصَابَتْهُمْ مُّصِیْبَةٌ بِمَا قَدَّمَتْ اَیْدِیْهِمْ ثُمَّ جَآءُوْكَ یَحْلِفُوْنَ ۖۗ— بِاللّٰهِ اِنْ اَرَدْنَاۤ اِلَّاۤ اِحْسَانًا وَّتَوْفِیْقًا ۟
ඔවුන් සිදු කර ගත් පාපය හේතුවෙන් ඔවුනට අභාග්යයන් ඇති වූ පසු ව අල්ලාහ් මත දිව්රා නිදහසට කරුණු කියමින් ‘ගැටුම්කාරීන් අතර යහපත හා පිළිගැනීම හේතුවෙන් මිස එසේ ඔබ හැර වෙනත් අයගෙන් අප තීන්දු පතන්නට අපේක්ෂා නොකළෙමු’ යැයි පවසා නුඹ වෙත පැමිණි එම කුහකයින්ගේ තත්ත්වය කෙසේ වීද? එම විෂයයෙහි ඔවුහු බොරු පවසන්නෝ වෙති. යහපත පවතිනුයේ අල්ලාහ් තම ගැත්තන්හට නියම කළ ආගමික තීන්දුව අනුව තීන්දු කිරීමෙහිය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُولٰٓىِٕكَ الَّذِیْنَ یَعْلَمُ اللّٰهُ مَا فِیْ قُلُوْبِهِمْ ۗ— فَاَعْرِضْ عَنْهُمْ وَعِظْهُمْ وَقُلْ لَّهُمْ فِیْۤ اَنْفُسِهِمْ قَوْلًا بَلِیْغًا ۟
ඔවුහු වනාහි ඔවුන්ගේ සිත් තුළ සගවා සිටින කුහකත්වය හා පහත් අරමුණු පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නේය. එහෙයින් අහෝ! දූතය, ඔබ ඔවුන් අතහැර දමනු. ඔවුන් නොසලකා හරිනු. අල්ලාහ්ගේ නීතිය පිළිපැදීමෙන් ඇති යහපත දිරිගන්වමින් හා එය අතහැර දැමූ විට ඇති වන භයානක කම පිළිබඳ බියගන්වමින් ඔවුන්හට පැහැදිලි කරනු. ඔවුන් ගේ සිත් තුළට ගැඹුරින් කාවදින සේ ඉතා පැහැදිලි වදනින් ආමන්ත්රණය කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَرْسَلْنَا مِنْ رَّسُوْلٍ اِلَّا لِیُطَاعَ بِاِذْنِ اللّٰهِ ؕ— وَلَوْ اَنَّهُمْ اِذْ ظَّلَمُوْۤا اَنْفُسَهُمْ جَآءُوْكَ فَاسْتَغْفَرُوا اللّٰهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُوْلُ لَوَجَدُوا اللّٰهَ تَوَّابًا رَّحِیْمًا ۟
අල්ලාහ්ගේ අභිමතය හා ඔහුගේ නිර්ණායකයන්ට අනුව කවර කරුණක් අණ කරනු ලැබුවේද එය පිළිපැදීමට කිසියම් කාලයක් දක්වා මිස කිසිදු දහම් දූතයකු අපි නොඑව්වෙමු. අහෝ දූතය, ඔබේ ජීවිත කාලය තුළ ජනයා වැරදි කරමින් තමන්ටම අපරාධ කොට, පසු ව තමන් කළ වැරැද්ද වටහා ගෙන පසුතැවිලි වී, අල්ලාහ්ගෙන් සමාව අයැද සිටින්නට ඔබ වෙත පැමිණ, ඔබ ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටින්නේ නම් එවිට අල්ලාහ් ඔවුනට සමාව පිරිනමන්නෙකු හා ඔවුන් කෙරෙහි කරුණා කරන්නෙකු ලෙස ඔවුන් දැක ගනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَا وَرَبِّكَ لَا یُؤْمِنُوْنَ حَتّٰی یُحَكِّمُوْكَ فِیْمَا شَجَرَ بَیْنَهُمْ ثُمَّ لَا یَجِدُوْا فِیْۤ اَنْفُسِهِمْ حَرَجًا مِّمَّا قَضَیْتَ وَیُسَلِّمُوْا تَسْلِیْمًا ۟
මෙම කුහකයෝ සිතනවාක් මෙන් එම කරුණ එසේ නැත. පසු ව අල්ලාහ් ඔහුගේ පැවත්ම මත දිවුරමින් ඔවුන් අතර ඇති වන සෑම ගැටලුවකදීම අල්ලාහ්ගේ දූතයාණන් ජීවතුන් අතර සිටියදී එතුමන් වෙත ද එතුමා මිය යැදුණු පසු එතුමාගේ පිළිවෙත වෙතද යොමු වී තීන්දු පතා අල්ලාහ්ගේ දූතයාණන් දෙන විසදුම පිළිබඳව ඔවුන් තෘප්තිමත් බවට පත් ව ඔවුන්ගේ සිත් තුළ ඒ ගැන කිසිදු අසීරුතාවක් හෝ සැකයක් හෝ ඇති කර නොගෙන ඔවුන්ගේ බාහිරයෙන් මෙන්ම අභ්යන්තරයෙන්ද එය පිළිපදිමින් පූර්ණ ලෙස යටත් වන තෙක් ඔවුන් සැබෑ ලෙස සත්යවාදීන් නොවනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الاحتكام إلى غير شرع الله والرضا به مناقض للإيمان بالله تعالى، ولا يكون الإيمان التام إلا بالاحتكام إلى الشرع، مع رضا القلب والتسليم الظاهر والباطن بما يحكم به الشرع.
අල්ලාහ්ගේ ෂරීආ පිළිවෙත නොවන පිළිවෙතකින් තීන්දු පතා එමගින් තෘප්තියට පත් වීම අල්ලාහ් කෙරෙහි තබන විශ්වාසය අවලංගු කරන්නක් වන්නේය. අල්ලාහ්ගේ පිළිවෙතින් තීන්දු පැතීමෙන් මිස අල්ලාහ් කෙරෙහි පූර්ණ විශ්වාසය ඇති නොවන්නේය. ෂරීආ පිළිවෙත කවර කරුණක් තීන්දු කර සිටින්නේද එය සිතින් පිළිගෙන මතුපිටින් මෙන්ම අභ්යන්තරයෙන්ද ඊට අවනත විය යුතුය.

• من أبرز صفات المنافقين عدم الرضا بشرع الله، وتقديم حكم الطواغيت على حكم الله تعالى.
• අල්ලාහ්ගේ පිළිවෙත පිළිබඳ තෘප්තිමත් නොවී අල්ලාහ්ගේ තීන්දුවට වඩා සීමාව ඉක්මවා ගියවුන්ගේ තීන්දුව කෙරෙහි ප්රමුඛත්වය ලබා දීම කුහකයින්ගේ තුච්ච ගුණාංග අතුරින් එකකි.

• النَّدْب إلى الإعراض عن أهل الجهل والضلالات، مع المبالغة في نصحهم وتخويفهم من الله تعالى.
• නොමග ගිය මෙන්ම අඥාන ජනයා ඔවුන්ගේ උපදෙස් සමගම අතහැර දැමීමත් අල්ලාහ් පිළිබඳ ඔවුනට බිය ගැන්වීමත් පිළිපැදිය යුතු කරුණක් වන්නේය.

 
የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት