Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ   አንቀጽ:
وَاِذَا كُنْتَ فِیْهِمْ فَاَقَمْتَ لَهُمُ الصَّلٰوةَ فَلْتَقُمْ طَآىِٕفَةٌ مِّنْهُمْ مَّعَكَ وَلْیَاْخُذُوْۤا اَسْلِحَتَهُمْ ۫— فَاِذَا سَجَدُوْا فَلْیَكُوْنُوْا مِنْ وَّرَآىِٕكُمْ ۪— وَلْتَاْتِ طَآىِٕفَةٌ اُخْرٰی لَمْ یُصَلُّوْا فَلْیُصَلُّوْا مَعَكَ وَلْیَاْخُذُوْا حِذْرَهُمْ وَاَسْلِحَتَهُمْ ۚ— وَدَّ الَّذِیْنَ كَفَرُوْا لَوْ تَغْفُلُوْنَ عَنْ اَسْلِحَتِكُمْ وَاَمْتِعَتِكُمْ فَیَمِیْلُوْنَ عَلَیْكُمْ مَّیْلَةً وَّاحِدَةً ؕ— وَلَا جُنَاحَ عَلَیْكُمْ اِنْ كَانَ بِكُمْ اَذًی مِّنْ مَّطَرٍ اَوْ كُنْتُمْ مَّرْضٰۤی اَنْ تَضَعُوْۤا اَسْلِحَتَكُمْ ۚ— وَخُذُوْا حِذْرَكُمْ ؕ— اِنَّ اللّٰهَ اَعَدَّ لِلْكٰفِرِیْنَ عَذَابًا مُّهِیْنًا ۟
අහෝ! දූතය, සතුරා සමග සටන් වදින මොහොතේ ඔබ සේනාව සමඟ සිටියදී ඔවුනට ඔබ සලාතය මෙහෙයවන්නට සිතන්නෙහි නම් සේනාව කණ්ඩායම් දෙකට බෙදා ඉන් එක් කණ්ඩායමක් ඔබ සමග සලාතය ඉටු කිරීමට සලස්වන්න. සලාතයේදී ආයුධ සන්නද්ධ ව ඔවුන් සිටිය යුතුයි. අනෙක් කණ්ඩායම ඔබගේ ආරක්ෂාව සඳහා අවධානයෙන් තබන්න. පළමු කණ්ඩායම ඉමාම් සමග එක රකඅතයක් ඉටු කළේ නම් සෙසු රකඅතය ස්වෙච්චාවෙන් ඉටු කර වහාම සතුරන් දෙසට මුහුණ ලා ඔබ පිටුපසින් අවධානයෙන් සිටිය යුතුයි. පසු ව ආරක්ෂාව සඳහා අවධානයෙන් සිටි සලාතය ඉටු නොකළ අනෙක් කණ්ඩායම පැමිණ ඉමාම් සමග එක් රකඅතයක් ඉටු කළ යුතුයි. ඉමාම් සලාම් පැවසූ විට ඔවුන් ඉතිරි රකඅතය සම්පූර්ණ කළ යුතුයි. ඔවුන් ද සතුරන්ගෙන් ප්රවේසම් විය යුතුයි. ආයුධ සන්නද්ධ ව සිටිය යුතුයි. නුඹලා සලාතය කරමින් සිටියදී නුඹලාගේ උපකරණ හා ආයුධ ගැන නොසැලකිල්ලෙන් පසු වන විට එකවර පහර දීමට දෙවියන් ප්රීතික්ෂේප කරන්නන් සැබැවින්ම ප්රිය කරනු ඇත. වර්ෂාව හේතුවෙන් හෝ අසනීපය හේතුවෙන් හෝ ඔබට යම් අපහසුතාවක් ඇති වූ විට ඔබේ ආයුධ නොඋසුලා බිම තැබීමෙහි වරදක් නැත. නමුත් ඔබ හැකි පමණින් ඔබගේ සතුරාගෙන් ප්රුවේශම් වන්න. සැබැවින්ම අල්ලාහ් ඔහු ව ප්රතික්ෂේප කරන්නන්හට නින්දනීය දඬුවමක් සූදානම් කර ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِذَا قَضَیْتُمُ الصَّلٰوةَ فَاذْكُرُوا اللّٰهَ قِیٰمًا وَّقُعُوْدًا وَّعَلٰی جُنُوْبِكُمْ ۚ— فَاِذَا اطْمَاْنَنْتُمْ فَاَقِیْمُوا الصَّلٰوةَ ۚ— اِنَّ الصَّلٰوةَ كَانَتْ عَلَی الْمُؤْمِنِیْنَ كِتٰبًا مَّوْقُوْتًا ۟
දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නනි, ඔබ සලාතය නිමා කළ පසු සිටගෙන හෝ වාඩි වී හෝ පැත්තකට ඇල වී හෝ කවර ඉරියව්වක ඔබ සිටිය ද තස්බීහ් (සුබ්හානල්ලා - අල්ලාහ් පිවිතුරුය) තහ්මීද් (අල්හම්දු ලිල්ලාහ් - සියලු ප්ර්ශංසා අල්ලාහ් සතුය) තහ්ලීල් (ලා ඉලාහ ඉල්ලල්ලාහ් - නැමදුම් ලබන්නට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත) යන පාඨ තෙපලමින් අල්ලාහ් ව මෙනෙහි කරන්න. ඔබෙන් බිය පහ වී අභයදායී තත්ත්වයක් ඔබට උදා වූ විට නියෝග කරනු ලැබූ පරිදි සලාතයේ අර්කාන් හෙවත් මූලිකාංගයන් වාජිබාත් හෙවත් අනිවාර්යය කරුණු හා මුස්තහබ්බාත් හෙවත් සතුටු දායක කරුණු පිළිපදිමින් සලාතය පූර්ණ ව ඉටු කරන්න. නියමිත කාලය තුළ සලාතය ඉටු කිරීම දෙවියන් විශ්වාස කරන්නන්හට අනිවාර්යය කොට ඇත. සාධාරණ හේතුවක් සඳහා මිස එය ප්රමාද කිරීම සුදුසු නොවන්නේය. මෙය ගමේ පදිංචි ව සිටියදී ඉටු කරනු ලබන ක්රමයයි. ගමනක යෙදී සිටියදී, ජම්උ හෙවත් සලාත් දෙකක් එකම වේලාවේ ඉටු කිරීම හා කස්ර් හෙවත් රකආත් හතරේ සලාතය දෙක බැගින් කෙටි කර ඉටු කිරීමේ අවකාශය ඔබට ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَهِنُوْا فِی ابْتِغَآءِ الْقَوْمِ ؕ— اِنْ تَكُوْنُوْا تَاْلَمُوْنَ فَاِنَّهُمْ یَاْلَمُوْنَ كَمَا تَاْلَمُوْنَ ۚ— وَتَرْجُوْنَ مِنَ اللّٰهِ مَا لَا یَرْجُوْنَ ؕ— وَكَانَ اللّٰهُ عَلِیْمًا حَكِیْمًا ۟۠
විශ්වාස කරන්නනි, ඔබ දුර්වල නොවනු. දෙවියන් ප්රතික්ෂේප කරන ඔබේ සතුරන් සොයා යෑමෙහි මැළිකම් නොදක්වනු. මිය යෑම, තුවාල වීම වැනි ඔබට අත් වූ විපතක් හේතුවෙන් ඔබ වේදනා විඳින්නෙහු නම්, සැබැවින්ම ඔබ වේදනාව විඳිනවා මෙන්ම ඔවුන්ද වේදනා විඳිනු ඇත. ඔබේ ඉවසීමට වඩා ඔවුන්ගේ ඉවසීම මහත් නොවන්නේය. හේතුව, සැබැවින්ම ඔවුන් බලාපොරොත්තු නොවන දෑ ස්ථීරභාවය, උදව්ව හා ප්රතිඵල ඔබ අල්ලාහ්ගෙන් බලාපොරොත්තු වන්නෙහුය. අල්ලාහ් තම ගැත්තන්ගේ තත්ත්වයන් මැනවින් දන්නාය. ඔහුගේ සැලසුමෙහි හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්ර්ඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّاۤ اَنْزَلْنَاۤ اِلَیْكَ الْكِتٰبَ بِالْحَقِّ لِتَحْكُمَ بَیْنَ النَّاسِ بِمَاۤ اَرٰىكَ اللّٰهُ ؕ— وَلَا تَكُنْ لِّلْخَآىِٕنِیْنَ خَصِیْمًا ۟ۙ
දූතය, සැබැවින්ම සත්යය මත පදනම් කරමින් අල්කුර්ආනය අපි ඔබ වෙත පහළ කළෙමු. එය ඔබට අල්ලාහ් ඉගැන්වූ දෑ හා ඔහු ඔබට ලබා දුන් ප්ර්ඥාව තුළින් ජනයා මුහුණ දෙන සෑම කටයුත්තකදීම ඔවුන් අතර පැහැදිලි කරනු පිණිසය. එය ඔබේ කැමත්තට හෝ ඔබේ අදහසට අනුව සිදු නොවන්නකි. තමන්ට හා තම වගකීමට වංචා කරන්නන්හට ඔවුන් සත්යය සෙවීමෙන් වෙනතකට යොමු කරමින් ඔවුන් වළක්වන්නෙකු ලෙස ඔබ නොවනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• استحباب صلاة الخوف وبيان أحكامها وصفتها.
•බිය මුසු අවස්ථාවක හඃව්ෆ් සලාතය ඉටුුුුුුකිරීමේ වැදගත්කම හා එහි නීති හා ස්වභාවය පැහැදිලි කිරීම.

• الأمر بالأخذ بالأسباب في كل الأحوال، وأن المؤمن لا يعذر في تركها حتى لو كان في عبادة.
•යුදමය සෑම අවස්ථාවකම ආයුධ සන්නද්ධ ව සිටීමේ නියෝගය. සැබැවින්ම දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නෙකු නැමදුමක නිරතව සිටියදී පවා එය බිම අතහැර දැමීමෙන් ප්රවේසම් විය යුතුයි.

• مشروعية دوام ذكر الله تعالى على كل حال، فهو حياة القلوب وسبب طمأنينتها.
•සෑම අවස්ථාවකම අල්ලාහ් ව මෙනෙහි කිරීම ආගමානුගත කරනු ලැබූවකි. හදවත්හි ජීවය ඔහුය. එය සැනසුමට පත් කිරීමේ සාධකය ද ඔහුය.

• النهي عن الضعف والكسل في حال قتال العدو، والأمر بالصبر على قتاله.
•සතුරා සමග සටන් කරන අවස්ථාවේ මැළිකමින් දුබලකමින් පසුවීමේ තහනම. සටන් කිරීමේදී ඉවසීමෙන් කටයුතු කිරීමේ නියෝගය.

 
የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት