Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ   አንቀጽ:
وَالَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ سَنُدْخِلُهُمْ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَاۤ اَبَدًا ؕ— وَعْدَ اللّٰهِ حَقًّا ؕ— وَمَنْ اَصْدَقُ مِنَ اللّٰهِ قِیْلًا ۟
අල්ලාහ් ව විශ්වාස කොට ඔහු වෙත සමීප වීම සඳහා දැහැමි ක්රියාවන් ඉටු කළවුන් වනාහි, මාලිගාවන්ට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් වලට අපි ඇතුළත් කරන්නෙමු. එහි ඔවුහු සදා රැඳී සිටිති. එය අල්ලාහ්ගෙන් වූ ප්රතිඥාවයි. අල්ලාහ්ගේ ප්රතිඥාව සැබෑය. එම ප්රතිඥාවන් ඔහු කඩ කරන්නේ නැත. කරන ප්රකාශ වලින් අල්ලාහ්ට වඩා සත්යය ප්රකාශ කරන කිසිදු ප්රැකාශයෙක් නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَیْسَ بِاَمَانِیِّكُمْ وَلَاۤ اَمَانِیِّ اَهْلِ الْكِتٰبِ ؕ— مَنْ یَّعْمَلْ سُوْٓءًا یُّجْزَ بِهٖ ۙ— وَلَا یَجِدْ لَهٗ مِنْ دُوْنِ اللّٰهِ وَلِیًّا وَّلَا نَصِیْرًا ۟
මුස්ලිම්වරුනි, ජයග්රහණයේ කරුණ ඔබ ආශා කරන දෑ අනුගමනය කිරීමෙන් හිමිවන්නක් නොවේ. එසේත් නැතහොත් ආගම් ලත් ජනයා ආශා කරන දෑ අනුගමනය කිරීමෙන් හිමිවන්නක් ද නොවේ. එම කරුණ අත්වනුයේ ක්රියාවන් අනුගමනය කිරීමෙනි. එහෙයින් ඔබ අතුරින් කවරෙකු නපුරු ක්රිවයාවක් කරන්නේද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ සඳහා ප්රතිඵල පිරිනමනු ලැබේ. එහි අල්ලාහ්ගෙන් තොරව ඔහුට සෙත සලසන කිසිදු භාරකරුවකු හෝ පීඩාවෙන් ඔහු ව වළක්වන උදව් කරුවකු හෝ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ یَّعْمَلْ مِنَ الصّٰلِحٰتِ مِنْ ذَكَرٍ اَوْ اُ وَهُوَ مُؤْمِنٌ فَاُولٰٓىِٕكَ یَدْخُلُوْنَ الْجَنَّةَ وَلَا یُظْلَمُوْنَ نَقِیْرًا ۟
පිරිමියෙක් හෝ වේවා කාන්තාවක් හෝ වේවා කවරෙකු උත්තරීතර අල්ලාහ් කෙරෙහි සැබෑ ලෙසින් විශ්වාස කොට දැහැමි ක්රියාවන්හි නිරත වන්නේ ද එවැන්නන් දේව විශ්වාසය හා නැමදුම ඒකාබද්ධ කරන්නෝ වෙති. ඔවුහු ස්වර්ග උයන් වලට පිවිසෙති. ඔවුන්ගේ ක්රියාවන් අතරින් රට ඉදි ගෙඩියක මතු පිටින් ඇති කෙන්දක තරම් කුසලක් වුව ද ඒ කිසිවක් අඩු කරනු නොලබයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ اَحْسَنُ دِیْنًا مِّمَّنْ اَسْلَمَ وَجْهَهٗ لِلّٰهِ وَهُوَ مُحْسِنٌ وَّاتَّبَعَ مِلَّةَ اِبْرٰهِیْمَ حَنِیْفًا ؕ— وَاتَّخَذَ اللّٰهُ اِبْرٰهِیْمَ خَلِیْلًا ۟
අල්ලාහ්ට බාහිර මෙන්ම අභ්යතන්තරයෙන්ද යටහත් ව තම අධිෂ්ඨානයන් ඔහු වෙත අවංකවම පිළිගන්වා ඔහු ආගමානගත කළ දෑ පිළිපදිමින් තම ක්රියාවන් විධිමත් කර ගෙන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ දහමේ පදනම වූ ඉබ්රාහීම් තුමාගේ දහම පිළිපැද ආදේශ තැබීමෙන් හා ප්රතික්ෂේප කිරීමෙන් ඉවත් ව ඒක දේවත්වය හා දේව විශ්වාසය වෙත නැඹුරු වූවන් හට වඩා දහමින් වඩාත් අලංකාර වෙනත් කිසිවකු නැත. අල්ලාහ් තම නබිවරයා වන ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමාණන් ව සෙසු මැවීම් වලට වඩා පූර්ණ ආදරයෙන් යුතු ව තෝරා ගත්තේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— وَكَانَ اللّٰهُ بِكُلِّ شَیْءٍ مُّحِیْطًا ۟۠
අහස්හි ඇති දෑහිද මහපොළොවේ ඇති දෑහිද සර්ව රාජ්යීය අල්ලාහ්ට පමණක් සතුය. ඔහු මැවූ සෑම දෙයක්ම දැනුමෙන්, හැකියාවෙන් හා සැලසුම් කිරීමෙන් ආවරණය කරමින් සිටී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَسْتَفْتُوْنَكَ فِی النِّسَآءِ ؕ— قُلِ اللّٰهُ یُفْتِیْكُمْ فِیْهِنَّ ۙ— وَمَا یُتْلٰی عَلَیْكُمْ فِی الْكِتٰبِ فِیْ یَتٰمَی النِّسَآءِ الّٰتِیْ لَا تُؤْتُوْنَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرْغَبُوْنَ اَنْ تَنْكِحُوْهُنَّ وَالْمُسْتَضْعَفِیْنَ مِنَ الْوِلْدَانِ ۙ— وَاَنْ تَقُوْمُوْا لِلْیَتٰمٰی بِالْقِسْطِ ؕ— وَمَا تَفْعَلُوْا مِنْ خَیْرٍ فَاِنَّ اللّٰهَ كَانَ بِهٖ عَلِیْمًا ۟
අහෝ දූතය, කාන්තා කටයුතු පිළිබඳවත්, ඔවුනට අනිවාර්යය වන කරුණු පිළිබඳවත් ඔවුන් කෙරෙහි පැවරෙන වගකීම් පිළිබඳවත් ඔවුහු ඔබෙන් විමසති. කවර කරුණක් ඔබ විමසා සිටින්නෙහුද එය ඔබට අල්ලාහ් පැහැදිලි කරනු ඇත. එමෙන්ම ඔබ භාරයේ සිටින කාන්තා, අනාථ දරුවන් විෂයයෙහි අල් කුර්ආනය ඔබ වෙත උගන්වන දෑ ද ඔබට පැහැදිලි කරනු ඇත. ඔවුනට අනිවාර්යය කළ මහර් හෝ උරුමයන් ඔවුනට නොපවරා, ඔවුන් විවාහය කිරීම සඳහා ආශා නොකරන්න. ඔවුන්ගේ සම්පත් භුක්ති විඳීම පිණිස ඔවුන් විවාහ කර නොදීමෙන් වළකින්න. දුර්වල කුඩා දරුවන් පිළිබඳ ඔවුනට අනිවාර්යය වූ ඔවුන්ගේ උරුමය ඔවුනට පිරිනැමීම පිළිබඳව ද ඔහු පැහැදිලි කරයි. ඔවුන්ගේ ධනය පවරා ගනිමින් ඔවුනට අපරාධ නොකළ යුතුයි. මෙලොව මෙන්ම මතු ලොව ඔවුන්ගේ කටයුතු විධිමත් කර ගත හැකි අයුරින් අනාථයින් සම්බන්ධයෙන් යුක්ති ගරුක ව කටයුතු කිරීමේ අනිවාර්යය කටයුතු ද ඔහු නුඹලාට පැහැදිලි කරයි. ඔබ අනත්දරුවන්ට හෝ වෙනත් අයට යම් යහපතක් කර ඇත්නම් ඒ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු ඔබට කුසල් පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• ما عند الله من الثواب لا يُنال بمجرد الأماني والدعاوى، بل لا بد من الإيمان والعمل الصالح.
•අල්ලාහ් අබියස ඇති කුසල් හේතුෙවෙන්, යමක් ඉල්ලූ වහාම හෝ ආශාව ඇති කර ගත් වහාම කෙනෙකුට හිමි වන්නේ නැත. ඒ සඳහා දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් අවශ්ය වන්නේය.

• الجزاء من جنس العمل، فمن يعمل سوءًا يُجْز به، ومن يعمل خيرًا يُجْز بأحسن منه.
•ප්රතිඵල හිමි වනුයේ අදාළ ක්රියා වර්ගයට ගැළපෙන පරිදිය. එහෙයින් යමෙකු නපුරක් කරයි නම් ඒ අනුව ප්රතිවිපාක දෙනු ලබයි. එමෙන්ම යමෙකු යහපතක් කරයි නම් ඒ සඳහා යහපත් කුසල් පිරිනමනු ලබයි.

• الإخلاص والاتباع هما مقياس قبول العمل عند الله تعالى.
•අවංකභාවය අනුගමනය කිරීම අල්ලාහ් අබියස ක්රියාවන් පිළිගැනීම සඳහා වූ නිර්ණායකයන් දෙක වේ.

• عَظّمَ الإسلام حقوق الفئات الضعيفة من النساء والصغار، فحرم الاعتداء عليهم، وأوجب رعاية مصالحهم في ضوء ما شرع.
•දුබල කාන්තාවන් හා කුඩා දරුවන්ගේ අයිතීන් පිළිබඳ ඉස්ලාමය වැදගත් කොට සලකයි. එහෙයින් ඔවුනට එරෙහි ව සීමාව ඉක්මවා කටයුතු කිරීම තහනම්වෙ. මෙය ආගමානුගත කර ඇති ආකාරයට ඔවුනට සෙත සැලසෙන පරිදි ඔවුන් රැක බලා ගැනීම අනිවාර්යය කොට ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት