Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ   አንቀጽ:
وَاِنِ امْرَاَةٌ خَافَتْ مِنْ بَعْلِهَا نُشُوْزًا اَوْ اِعْرَاضًا فَلَا جُنَاحَ عَلَیْهِمَاۤ اَنْ یُّصْلِحَا بَیْنَهُمَا صُلْحًا ؕ— وَالصُّلْحُ خَیْرٌ ؕ— وَاُحْضِرَتِ الْاَنْفُسُ الشُّحَّ ؕ— وَاِنْ تُحْسِنُوْا وَتَتَّقُوْا فَاِنَّ اللّٰهَ كَانَ بِمَا تَعْمَلُوْنَ خَبِیْرًا ۟
තම ස්වාමි පුරුෂයා තමන්ගෙන් ඉවත් වන බවට හෝ ඇය විෂයෙහි ආශාවක් නොමැති බවට කාන්තාවක් බිය වූයේ නම් නඩත්තු වියදම, නවාතැන් ලබා දීම වැනි ඇතැම් අනිවාර්ය වගකීම් වලින් ඉවත් වීමෙන් ඔවුන් දෙදෙනා අතර යම් එකඟතාවක් ඇති කර ගැනීම වරදක් නැත. නමුත් දික්කසාදයට වඩා සමගි ව ජීවත් වීමය ඔවුන් දෙදෙනාහට වඩාත් උතුම් වන්නේ. ආශාවන් හා මසුරුකමෙහි ආත්මාවන් ගිලී පවතී. එහෙයින් ඇය සතු වගකීමකින් ඉවත් වන්නට ඇය ආශා නොකළ යුතුයි. ස්වාමි පුරුෂයා හා බිරිය යන දෙදෙනාම එකිනෙකාට සමාව දීම, උපකාරශීලී ව කටයුතු කිරීම වැනි කරුණු මත තම ආත්මය පුහුණු කරවා මෙම ගුණාංගයෙන් සුවය ලැබීම අත්යවශ්ය කරුණකි. ඔබගේ සියලුම කටයුතු වලදී ඔබ යහපත් අයුරින් කටයුතු කොට, අල්ලාහ්ගේ නියෝගයන් පිළිපදිමින්, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නේ නම් සැබැවින්ම අල්ලාහ් ඔබ සිදු කරන දෑ පිළිබඳ අභිඥානවන්තය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඒ අනුව ඔහු ඔබට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَنْ تَسْتَطِیْعُوْۤا اَنْ تَعْدِلُوْا بَیْنَ النِّسَآءِ وَلَوْ حَرَصْتُمْ فَلَا تَمِیْلُوْا كُلَّ الْمَیْلِ فَتَذَرُوْهَا كَالْمُعَلَّقَةِ ؕ— وَاِنْ تُصْلِحُوْا وَتَتَّقُوْا فَاِنَّ اللّٰهَ كَانَ غَفُوْرًا رَّحِیْمًا ۟
ස්වාමි පුරුෂයිනි, මුළු හදවතින් නැඹුරුවීම යන විෂයයෙහි ඔබ එයට ආශා කළ ද තම බිරියන් සමග පූර්ණ යුක්තියෙන් කටයුතු කිරීමට ඔබට නොහැකිය. එයට ඇතැම් කරුණු බලපාන්නේය. ඇතැම් විට ඔබ හිතන පතන ආකාරයට ඔබ්බෙන් ඇයගේ සිතුවිලි පිහිටිය හැක. නමුත් ප්රිය නොකරන බිරියගෙන් සම්පූර්ණයෙන් ඉවත් ව, ඇය යුතුකම් ඉටු කරන ස්වාමි පුරුෂයකුගේ බිරියක්ද එසේ නැතහොත් බිරියක් නොව, විවාහ අපේක්ෂක කාන්තාවක්ද යන්න තරමට ඇය ව අතහැර නොදැමිය යුතුය. බිරියගේ වගකීම් ඉටු කිරීම තුළින් ඇය අකමැති දෑ මත සාමකාමී ව ඔබව නිරත කරවා ඔබ අතර සාමය ඇති කරන්නට අවස්ථාව උදා වනු ඇත. ඇය සම්බන්ධයෙන් ඔබ අල්ලාහ්ට බියවන්න. සැබැවින්ම අල්ලාහ් නුඹලාට පාප ක්ෂමාව පිරිනමන්නාය. එමෙන්ම ඔබලා කෙරෙහි මහා කාරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنْ یَّتَفَرَّقَا یُغْنِ اللّٰهُ كُلًّا مِّنْ سَعَتِهٖ ؕ— وَكَانَ اللّٰهُ وَاسِعًا حَكِیْمًا ۟
දික්කසාදය මගින් හෝ කුඃල්උ හෙවත් බිරියගේ තීරණය අනුුුව වෙන්වීම මගින් වෙන් වන්නේ නම් අල්ලාහ් ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුම ඔහුගේ මහත් වූ ආශිර්වාදයෙන් පොහොසත් කරනු ඇත. අල්ලාහ් මහත් ආශිර්වාදයෙන් හා කරුණා ගුණයෙන් යුක්තය. ඔහු සැලසුම් කිරීමෙහි හා නිර්ණය කිරීමෙහි මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— وَلَقَدْ وَصَّیْنَا الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ مِنْ قَبْلِكُمْ وَاِیَّاكُمْ اَنِ اتَّقُوا اللّٰهَ ؕ— وَاِنْ تَكْفُرُوْا فَاِنَّ لِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— وَكَانَ اللّٰهُ غَنِیًّا حَمِیْدًا ۟
අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ හි සර්ව රාජ්යය අල්ලාහ්ට පමණක් සතුය. ඒ දෙක අතර ඇති දෑ හි රාජ්යයද ඔහු සතුය. අල්ලාහ්ගේ නියෝග පිළිපදින මෙන්ද, ඔහු තහනම් කළ දැයින් වැළකෙන මෙන්ද ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයා වෙතින් ප්රතිඥාවක් ගත් සේම ඔබ වෙතින්ද අපි ප්රතිඥාවක් ගෙන ඇත්තෙමු. මෙම ප්ර්තිඥාව ඔබ ප්රතික්ෂේප කරන්නේ නම් එහි හානිය ඔබටමය. ඔබ ඔහුට අවනත වීමෙන් කිසිදු අවශ්යතාවක් ඔහුට නොමැත. අහස්හි හා මහපොළොවේ ඇති සියලු දෑහි සර්ව රාජ්යද ඔහු සතුය. සියලු මැවීම් වල අවශ්යතාවන්ගෙන් ඔහු තොරය. ඔහුගේ සියලු ගුණාංග හා ක්රියාවන් ප්රශංසා සහගතය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— وَكَفٰی بِاللّٰهِ وَكِیْلًا ۟
අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ හි සර්ව රාජ්ය අල්ලාහ්ට පමණක් සතුය. අවනතභාවය ලබන්නට ඔහු පමණක් සුදුස්සාය. ඔහුගේ මැවීම් සම්බන්ධයෙන් සියලු කටයුතු සැලසුම් කිරීමේ වගකීම දරන්නට අල්ලාහ් පමණක් ප්රමාණවත්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنْ یَّشَاْ یُذْهِبْكُمْ اَیُّهَا النَّاسُ وَیَاْتِ بِاٰخَرِیْنَ ؕ— وَكَانَ اللّٰهُ عَلٰی ذٰلِكَ قَدِیْرًا ۟
අහෝ ජනයිනි, ඔහු අභිමත කළේ නම් නුඹලාව විනාශ කොට නුඹලා වෙනුවට වෙනත් පිරිසක් ගෙන එනු ඇත. ඔවුහු අල්ලාහ්ට අවනත වෙති. ඔහුට විරුද්ධ නොවෙති. ඒ සඳහා අල්ලාහ් බලය ඇත්තාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَنْ كَانَ یُرِیْدُ ثَوَابَ الدُّنْیَا فَعِنْدَ اللّٰهِ ثَوَابُ الدُّنْیَا وَالْاٰخِرَةِ ؕ— وَكَانَ اللّٰهُ سَمِیْعًا بَصِیْرًا ۟۠
ජනයිනි, කවරෙකු තම ක්රියාවෙන් මෙලොව යහපත පමණක් අපේක්ෂා කරන්නේද සැබැවින්ම මෙලොව හා මතුලොව යහපත ඇත්තේ අල්ලාහ් අබියස බව ඔහු දැන ගත යුතුයි. ඒ දෙකෙහි යහපත ඔහුගෙන් පැතිය යුතුයි. අල්ලාහ් ඔබගේ ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔබගේ ක්රියාවන් නිරීක්ෂණය කරන්නාය. ඒ සඳහා ඔහු ඔබට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• استحباب المصالحة بين الزوجين عند المنازعة، وتغليب المصلحة بالتنازل عن بعض الحقوق إدامة لعقد الزوجية.
•ස්වාමි පුරුෂයා හා බිරිය අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වන විට එය සමතය කිරීම සතුටුදායක කරුණකි. විවාහ ගිවිසුම අඛණ්ඩ ව පවත්වා ගෙන යෑම සඳහා ඇතැම් අයිතිවාසිකම් අත්හැරීම තුළින් බොහෝ විට යහපත ඇතිවන්නේය.

• أوجب الله تعالى العدل بين الزوجات خاصة في الأمور المادية التي هي في مقدور الأزواج، وتسامح الشرع حين يتعذر العدل في الأمور المعنوية، كالحب والميل القلبي.
•බිරියන් අතර සාධාරණත්වය පිළිපැදීම අල්ලාහ් අනිවාර්ය කළේය. විශේෂයෙන් බිරියන් අතර නිර්ණය කරන භෞතික කටයුතු වලදී එය පිළිපැදිය යුතුය. නමුත් ආදරය සිතෙහි ඇති වන නැඹුරු ව වැනි ආධ්යාත්මික කටයුතු වලදී සාධාරණත්වය ඉටු කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා ආගම අවසර දෙන්නේය.

• لا حرج على الزوجين في الفراق إذا تعذرت العِشْرة بينهما.
•ස්වාමි පුරුෂයා හා බිරිය යන දෙදෙනා අතර පවුල් ජීවිතයක් ගත කිරීමට නොහැකි තරමට බාධාවන් ඇති වූ විටෙක දෙදෙනා වෙන්වීමෙහි වරදක් නැත.

• الوصية الجامعة للخلق جميعًا أولهم وآخرهم هي الأمر بتقوى الله تعالى بامتثال الأوامر واجتناب النواهي.
•මුල සිට අවසානය දක්වා සිටින සියලු මැවීම් සඳහා වූ පූර්ණ උපදෙස වනුයේ අණ කළ දෑ පිළිපදිමින් හා තහනම් දැයින් වැළකෙමින් අල්ලාහ් පිළිබඳ මතකයෙන් ජීවත් වීමේ නියෝගයයි.

 
የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት