Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ   አንቀጽ:
وَاللّٰهُ یُرِیْدُ اَنْ یَّتُوْبَ عَلَیْكُمْ ۫— وَیُرِیْدُ الَّذِیْنَ یَتَّبِعُوْنَ الشَّهَوٰتِ اَنْ تَمِیْلُوْا مَیْلًا عَظِیْمًا ۟
තවද අල්ලාහ් නුඹලා වෙත පාප ක්ෂමාවට අවස්ථාව සලසා දී නුඹලාගේ පාප වලට සමාව දීමට අපේක්ෂා කරන අතරම තම ආශාවන් පසුපස හඹා ගියවුන් ඍජු මාර්ගයෙන් ඉවත් කොට ඉන් ඉතා ඈතට දුරස් කිරීමට අපේක්ෂා කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُرِیْدُ اللّٰهُ اَنْ یُّخَفِّفَ عَنْكُمْ ۚ— وَخُلِقَ الْاِنْسَانُ ضَعِیْفًا ۟
අල්ලාහ් ආගමානුගත කළ දෑ නුඹලාගෙන් සැහැල්ලු කිරීමට ඔහු අපේක්ෂා කරයි. එහෙයින් නුඹලාට දැරිය නොහැකි බරක් ඔහු නුඹලා මත නොපටවයි. ඊට හේතුව මිනිස් මැව්මෙහි හා ඔහුගේ චරිතයේ ඔහු දුර්වල බව අල්ලාහ් මැනවින් දන්නා බැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَاْكُلُوْۤا اَمْوَالَكُمْ بَیْنَكُمْ بِالْبَاطِلِ اِلَّاۤ اَنْ تَكُوْنَ تِجَارَةً عَنْ تَرَاضٍ مِّنْكُمْ ۫— وَلَا تَقْتُلُوْۤا اَنْفُسَكُمْ ؕ— اِنَّ اللّٰهَ كَانَ بِكُمْ رَحِیْمًا ۟
අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි, ගනුදෙනු කරුවන් දෙදෙනකුගේ එකඟතාවෙන් සිදුවන ව්යාපාරයකින් ලැබෙන ධනයක් වී නම් මිස සොරකම, මංකොල්ලය, අල්ලස් වැනි නිත්යනුකූල නොවන අයුරින් නුඹලා තවකෙනෙකුගේ ධනය සූරා නොගනන්න. එසේ නිත්යනුකූල ව ඉපැයූ ධනය අනුභව කිරීමත්, එහි ගනුදෙනු කිරීමත් නුඹලාට අනුමැතිය ඇත. නුඹලා තවකෙකු ඝාතනය නොකරන්න. එමෙන්ම නුඹලා අතරින් කිසිවකු ඔහුවම ඝාතනය කර නොගත යුතුය. විනාශ මුඛය කරා එමගින් ඔහු සේන්දු නොවිය යුතුය. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කෙරෙහි මහා කාරුණිකය. නුඹලාගේ ජීවිත, නුඹලාගේ ධනය හා නුඹලාගේ මානය සුරක්ෂා කිරීම ඔහුගේ කරුණාගුණයෙන් යුක්ත වූවකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ یَّفْعَلْ ذٰلِكَ عُدْوَانًا وَّظُلْمًا فَسَوْفَ نُصْلِیْهِ نَارًا ؕ— وَكَانَ ذٰلِكَ عَلَی اللّٰهِ یَسِیْرًا ۟
කවර කරුණක් තහනම් කර ඇත්තේ ද එවැන්නක් කවරෙකු විසින් සිදු කොට අනුන්ගේ වස්තුව අනුභව කරමින් එහි ඉක්මවා ගොස් නොදැනුවත්කම හෝ වැරදීමකින් නොව දැන දැනම මිනී මැරුම් වැනි අපරාධ කරමින් සීමාව ඉක්මවා කටයුතු කරන්නේද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එවැන්නන් දැවැන්ත නිරා ගින්නට අල්ලාහ් ඇතුළත් කරනු ඇත. ඔහු එහි උණුසුම විඳවනු ඇත. එහි දඬුවම ඔහුට ඉතා ගැළපෙන්නකි. කිසිවක් අල්ලාහ් පරාජය කළ නොහැකි බැවින් එය ඔහුට පහසු කාර්යයක් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنْ تَجْتَنِبُوْا كَبَآىِٕرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنْكُمْ سَیِّاٰتِكُمْ وَنُدْخِلْكُمْ مُّدْخَلًا كَرِیْمًا ۟
අහෝ! දේව විශ්වාසී ජනයිනි, අල්ලාහ්ට ආදේශ තැබීම දෙමාපියන්ට හිංසා කිරීම ජීවිතයක් ඝාතනය කිරීම පොළිය අනුභව කිරීම වැනි මහා පාපකම් වලින් නුඹලා දුරස් වන්නෙහු නම් නුඹලා විසින් සිදුවන කුඩා පාපයන් අපි මකා දමා ඒවා ඉවත් කොට ඒ ගැන නොසලකා හරින්නෙමු. අල්ලාහ් අබියස වූ ගෞරවනීය ස්ථානයට අපි නුඹලා ව ඇතුළත් කරන්නෙමු. එය ස්වර්ගයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَتَمَنَّوْا مَا فَضَّلَ اللّٰهُ بِهٖ بَعْضَكُمْ عَلٰی بَعْضٍ ؕ— لِلرِّجَالِ نَصِیْبٌ مِّمَّا اكْتَسَبُوْا ؕ— وَلِلنِّسَآءِ نَصِیْبٌ مِّمَّا اكْتَسَبْنَ ؕ— وَسْـَٔلُوا اللّٰهَ مِنْ فَضْلِهٖ ؕ— اِنَّ اللّٰهَ كَانَ بِكُلِّ شَیْءٍ عَلِیْمًا ۟
අහෝ! දේව විශ්වාසී ගැත්තනි, නුඹලා අතර වූ ඇතෙමෙකුට ඇතැමෙකු වඩා කවර ආශිර්වාදයක් අල්ලාහ් පිරිනමා ඇත්තේද ඒ සම්බන්ධයෙන් නුඹලා ආශා නොකරනු. එය ක්රෝධය හා ඊර්ෂ්යාවෙන් කටයුතු නොකරන්නට හේතුවක් වනු ඇත. එමෙන්ම කවර කරුණක් අල්ලාහ් පුරුෂ පාර්ශවයට නියම කර ඇත්තේද ඒ ගැන කාන්තා පාර්ශවය ආශා කිරීමට අවශ්යතාවක් නැත. සෑම පාර්ශවයකටම ඔවුනොවුන්ට සුදුසු පරිදි ඒ ඒ භාග්යයන් පිරිනමා ඇත. එබැවින් අල්ලාහ් පිරිනමා ඇති දායාදයන් අධික කර දෙන මෙන් නුඹලා ඔහුගෙන් පතනු. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ මැනවින් දන්නාය. සෑම වර්ගයකටම එයට ගැළපෙන දෑ ඔහු පිරිමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلِكُلٍّ جَعَلْنَا مَوَالِیَ مِمَّا تَرَكَ الْوَالِدٰنِ وَالْاَقْرَبُوْنَ ؕ— وَالَّذِیْنَ عَقَدَتْ اَیْمَانُكُمْ فَاٰتُوْهُمْ نَصِیْبَهُمْ ؕ— اِنَّ اللّٰهَ كَانَ عَلٰی كُلِّ شَیْءٍ شَهِیْدًا ۟۠
නුඹලා අතුරින් සෑම කෙනෙකුටම තම දෙමාපියන් හා ඥාතීන් විසින් හැර දමා යන දෑ සඳහා පසුඋරුමකම්පාන භාරකාර සම්බන්ධතාවක් අපි ඇති කර ඇත්තෙමු. සහය ලබා දී උපකාර කිරීම සඳහා නුඹලා ඔවුන් සමග ස්ථීර දිවුරුමක් ගිවිස ගෙන ඇත්නම්, ඔවුන්ගේ කොටස ඔවුනට ලබා දෙනු. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය. ඔහුගේ එම සාක්ෂි අතුරින් නුඹලාගේ දිවුරුම හා නුඹලාගේ මෙම ගිවිසුම් ද එකකි. ඉස්ලාමය ආරම්භ කාලයේ දිවුරුම මගින් පසු උරුමය ලබන නීතිය පැවතුණ ද පසු ව එය වෙනස් කරන ලදී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• سعة رحمة الله بعباده؛ فهو سبحانه يحب التوبة منهم، والتخفيف عنهم، وأما أهل الشهوات فإنما يريدون بهم ضلالًا عن الهدى.
•අල්ලාහ් තම ගැත්තන්හට දක්වන ආශිර්වාදයේ විශාලත්වය. සුවිශුද්ධ වූ ඔහු ඔවුන් පතන පාප ක්ෂමාවට ප්රිය කරන අතරම එය ඔවුන්ගෙන් සැහැල්ලු කිරීමට ප්රිය කරයි. ආශාවන්ට වහල්වූවන් වනාහි ඔවුන් යහමගින් නොමග වෙත යොමු කිරීමට අපේක්ෂා කරයි.

• حفظت الشريعة حقوق الناس؛ فحرمت الاعتداء على الأنفس والأموال والأعراض، ورتبت أعظم العقوبة على ذلك.
•ෂරීආ හෙවත් ආගමික නීතිරාමු මිනිසාගේ අයිතිවාසිකම් රකියි. එහෙයින් ජීවිත දේපළ හා මානය සම්බන්ධයෙන් ඉක්මවා කටයුතු කිරීම තහනම් කර ඇති අතර ඒ සඳහා මහත් දඬුවම් පනවා ඇත.

• الابتعاد عن كبائر الذنوب سبب لدخول الجنة ومغفرة للصغائر.
•මහා පාපයන්ගෙන් ඉවත් ව සිටීම ස්වර්ගයට පිවිසීමටත් සුළු පාපයන් සඳහා සමාව ලැබීමටත් හේතු වන්නේය.

• الرضا بما قسم الله، وترك التطلع لما في يد الناس؛ يُجنِّب المرء الحسد والسخط على قدر الله تعالى.
•අල්ලාහ් වෙන්කර දී ඇති දෑ පිළිගෙන මිනිසුන් සතු ව ඇති දෑ පැතීමෙන් වැළකී සිටීම අල්ලාහ්ගේ නියමය අනුව ඊර්ෂ්යාවෙන් හා ක්රෝධයෙන් මිනිසා වළක්වාලන්නේය.

 
የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት