Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ   አንቀጽ:
وَلَكُمْ نِصْفُ مَا تَرَكَ اَزْوَاجُكُمْ اِنْ لَّمْ یَكُنْ لَّهُنَّ وَلَدٌ ۚ— فَاِنْ كَانَ لَهُنَّ وَلَدٌ فَلَكُمُ الرُّبُعُ مِمَّا تَرَكْنَ مِنْ بَعْدِ وَصِیَّةٍ یُّوْصِیْنَ بِهَاۤ اَوْ دَیْنٍ ؕ— وَلَهُنَّ الرُّبُعُ مِمَّا تَرَكْتُمْ اِنْ لَّمْ یَكُنْ لَّكُمْ وَلَدٌ ۚ— فَاِنْ كَانَ لَكُمْ وَلَدٌ فَلَهُنَّ الثُّمُنُ مِمَّا تَرَكْتُمْ مِّنْ بَعْدِ وَصِیَّةٍ تُوْصُوْنَ بِهَاۤ اَوْ دَیْنٍ ؕ— وَاِنْ كَانَ رَجُلٌ یُّوْرَثُ كَلٰلَةً اَوِ امْرَاَةٌ وَّلَهٗۤ اَخٌ اَوْ اُخْتٌ فَلِكُلِّ وَاحِدٍ مِّنْهُمَا السُّدُسُ ۚ— فَاِنْ كَانُوْۤا اَكْثَرَ مِنْ ذٰلِكَ فَهُمْ شُرَكَآءُ فِی الثُّلُثِ مِنْ بَعْدِ وَصِیَّةٍ یُّوْصٰی بِهَاۤ اَوْ دَیْنٍ ۙ— غَیْرَ مُضَآرٍّ ۚ— وَصِیَّةً مِّنَ اللّٰهِ ؕ— وَاللّٰهُ عَلِیْمٌ حَلِیْمٌ ۟ؕ
අහෝ! ස්වාමි පුරුෂයිනි, නුඹලාගේ බිරියන්ට නුඹලා විසින් හෝ වෙනත් කිසිවකු විසින් හෝ දාව පිරිමි දරුවකු හෝ ගැහැනු දරුවකු හෝ නොවී නම් ඔවුන් හැර දමා යන දැයින් අඩක් නුඹලාට හිමිය. නමුත් ඔවුනට පිරිමි හෝ ගැහැනු දරුවකු වී නම් ඔවුන් අතහැර දමා යන ධනයෙන් හතරෙන් කොටසක් නුඹලාට හිමිය. එසේ නුඹලාට බෙදනු ලැබිය යුත්තේ ඔවුන්ගේ අන්තිම කැමත්ත ක්රියාත්මක කිරීමෙන් හා ඔවුන්ගේ ණය පියවීමෙන් පසුවය. එමෙන්ම අහෝ! ස්වාමි පුරුෂයිනි, නුඹලාට නුඹලාගේ භාර්යාවන් විසින් හෝ වෙනත් අය විසින් හෝ පිරිමි දරුවකු හෝ ගැහැනු දරුවකු නොවී නම් නුඹලා අතහැර දමා යන දැයින් හතරෙන් කොටසක් නුඹලාගේ බිරියන්ට හිමිය. නමුත් නුඹලාට පිරිමි හෝ ගැහැනු දරුවකු වී නම් නුඹලා අතහැර දමා යන දැයින් ඔවුනට හිමිවනුයේ අටෙන් කොටසකි. එසේ ඔවුන්හට බෙදනු ලැබිය යුත්තේ නුඹලාගේ අන්තිම කැමත්ත ක්රියාත්මක කිරීමෙන් හා නුඹලාගේ ණය පියවීමෙන් පසුවය. කිසිදු දරුවකු හෝ පියකු හෝ නොමැති ව මිනිසෙකු මියැඳුණේ නම් හෝ කිසිදු දරුවකු හෝ පියකු හෝ නොමැතිව කාන්තාවක් මියැඳුණේ නම් හෝ මිය ගිය ඔහුට හෝ ඇයට මව සතු සහෝදරයෙකු හෝ සහෝදරියක වී නම් තම මවගේ සහෝදරයා හා මවගේ සහෝදරිය යන සෑම කෙනෙකුටම හයෙන් එක් කොටසක් අනිවාර්ය කොටසක් ලෙස හිමි විය යුතුය. නමුත් ඔහුගේ මව සතු සහෝදරයන් හෝ සහෝදරයින් එක් අයකුට වඩා වැඩිනම් ඔවුන් සියලු දෙනාම එහි හවුල්කරුවන් වන පරිදි අනිවාර්ය කොටසක් වශයෙන් තුනෙන් එක් කොටසක් හිමි විය යුතුය. එහි දී ඔවුන්ගේ පිරිමි හා කාන්තාව යන දෙපාර්ශවයම සමාන වන්නේය. ඔවුන්ගේ කොටස හිමි වනුයේ මිය ගිය තැනැත්තාගේ අන්තිම කැමැත්ත ක්රියාත්මක කිරීමෙන් හා ඔහුගේ ණය පියවීමෙන් පසුවය. නමුත් ඔහුගේ ධනයෙන් තුනෙන් එකකට වඩා වැඩිපුර ප්රමාණයක් ඔහුගේ අන්තිම කැමැත්තෙහි ඔහු සඳහන් කර තිබීම වැනි තම අන්තිම කැමැත්ත උරුමක්කරුවන්ට හානි පමුණුවන සේ පිහිටිය නොයුතුය යන කොන්දේසිය මත සිදු විය යුත්තකි. නුඹලා වෙත අල්ලාහ්ගෙන් වූ ප්රතිඥාවක් ලෙස මෙම පාඨයේ ඇතුළත් මෙම නීතිය අල්ලාහ් නුඹලා වෙත අනිවාර්යය කර ඇත්තේය. මෙලොව හා මතු ලොව තම ගැත්තන්හට යහපත සලසනුයේ කුමක්දැයි යන වග අල්ලාහ් මැනවින් දන්නාය. ඔහු ඉතා ඉවසන සුළුය. පාපකම් කරන්නාට දඬුවම් දීම සඳහා ඔහු ඉක්මන් නොවන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تِلْكَ حُدُوْدُ اللّٰهِ ؕ— وَمَنْ یُّطِعِ اللّٰهَ وَرَسُوْلَهٗ یُدْخِلْهُ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا ؕ— وَذٰلِكَ الْفَوْزُ الْعَظِیْمُ ۟
අනාථ දරුවන් හා වෙනත් පාර්ශවයන් පිළිබඳ ඉහත සඳහන් මෙම නීතිරීති තම ගැත්තන් ඒවා ක්රියාත්මක කිරීම සඳහා අල්ලාහ් ඔවුනට ආගමානුගත කළ නීතිරීති වෙයි. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට කවරෙකු අවනත වන්නේද ස්වර්ග මාලිගා යටින් ගලා යන ගංගාවන් සහිත ස්වර්ග උයන් වලට ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත. ඔවුන් එහි සදාකල් වෙසෙති. ඔවුනට විනාශයක් අත්වන්නේ නැත. එම දේව ත්යාගය අති මහත් ජයග්රහණයකි. කිසිදු ජයක් එයට සමාන වන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ یَّعْصِ اللّٰهَ وَرَسُوْلَهٗ وَیَتَعَدَّ حُدُوْدَهٗ یُدْخِلْهُ نَارًا خَالِدًا فِیْهَا ۪— وَلَهٗ عَذَابٌ مُّهِیْنٌ ۟۠
කවරෙකු අල්ලාහ්ගේ නීති කඩ කරමින් හා ඒවා අතහැර දමමින් හෝ ඒ පිළිබඳ සැක ඇති කර ගනිමින් හා ඔහු ආගමානුගත කළ සීමාවන් ඉක්මවා යමින් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පිටුපාන්නේද නිරා ගින්නට අල්ලාහ් ඔහු ව ඇතුළත් කරනු ඇත. එහි නින්දනීය දඬුවම් ඔහුට හිමි වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• لا تقسم الأموال بين الورثة حتى يقضى ما على الميت من دين، ويخرج منها وصيته التي لا يجوز أن تتجاوز ثلث ماله.
•මිය ගිය තැනැත්තා විසින් ගෙවිය යුතු ණය පියවන තෙක් හා අන්තිම කැමැත්ත නිකුත් කරන තෙක්ඔ හුගේ ධනයෙන් තුනෙන් එකකට වඩා ඉක්මවා නොයන සේ ඔහුගේ ධනය උරුමක්කරුවන් අතර බෙදා හරිනු නොලැබේ.

• التحذير من التهاون في قسمة المواريث؛ لأنها عهد الله ووصيته لعباده المؤمنين؛ فلا يجوز تركها أو التهاون فيها.
•උරුමයන් බෙදා හැරීම පිළිබඳ නොසැලකිලිමත් වීම සම්බන්ධයෙන් වූ අවවාදය. ඊට හේතුව එය ඔහු ව විශ්වාස කරන තම ගැත්තන්හට කරන ලද අල්ලාහ්ගේ ප්රතිඥාවක් හා උපදෙසක් වන බැවිණි. එහෙයින් එය අතහැර දැමීම හෝ ඒ ගැන නොසැලකිල්ලෙන් පසුවීම හෝ සුදුසු නොවන්නේය.

• من علامات الإيمان امتثال أوامر الله، وتعظيم نواهيه، والوقوف عند حدوده.
•අල්ලාහ්ගේ නියෝග පිළිපැදීම ඔහු තහනම් කළ දෑ බරපතළ කරුණක් ලෙස සැලකීම හා ඔහුගේ සීමාවන් තුළ රැඳී සිටීම දේව විශ්වාසයේ සලකුනු අතුරිණි.

• من عدل الله تعالى وحكمته أن من أطاعه وعده بأعظم الثواب، ومن عصاه وتعدى حدوده توعده بأعظم العقاب.
•සැබැවින්ම කවරෙකු ඔහුට අවනත වන්නේද එවැන්නන්හට අතිමහත් කුසල් ඇති බවට ප්රතිඥා දීමත් කවරෙකු ඔහුට පිටුපා ඔහුගේ සීමාවන් ඉක්මවා ගොස් කටයුතු කරන්නේද එවැන්නන්ට මහත් දඬුවම ඇති බවට තරවටු කිරීමත් අල්ලාහ්ගේ යුක්තිය හා ප්රඥාවෙන් වූවකි.

 
የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት