Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ   አንቀጽ:
اَللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ ؕ— لَیَجْمَعَنَّكُمْ اِلٰی یَوْمِ الْقِیٰمَةِ لَا رَیْبَ فِیْهِ ؕ— وَمَنْ اَصْدَقُ مِنَ اللّٰهِ حَدِیْثًا ۟۠
සැබෑ ලෙසින්ම නැමදුම් ලබන්නට අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත. කිසිදු සැකයක් නැති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පළමුවැන්නා සිට අවසානයා දක්වා වූ සියලු දෙනා සැබැවින්ම ඔහු එක්රැස් කරනු ඇත. එය නුඹලාගේ ක්රියාවන් සඳහා නුඹලාට ප්රතිඵල පිරිනමනු පිණිසය. අල්ලාහ්ට වඩා කතාවෙන් වඩාත් සත්යය වූ කිසිවකු නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَا لَكُمْ فِی الْمُنٰفِقِیْنَ فِئَتَیْنِ وَاللّٰهُ اَرْكَسَهُمْ بِمَا كَسَبُوْا ؕ— اَتُرِیْدُوْنَ اَنْ تَهْدُوْا مَنْ اَضَلَّ اللّٰهُ ؕ— وَمَنْ یُّضْلِلِ اللّٰهُ فَلَنْ تَجِدَ لَهٗ سَبِیْلًا ۟
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලාට කුමක් වීද? කුහකයින් සමග කටයුතු කිරීමේදී නුඹලා මතභේදාත්මක කණ්ඩායම් දෙකක් බවට පත් ව ඇත. පිරිසක් ඔවුන්ගේ ප්රතික්ෂේපය නිසා ඔවුන් සමග සටන් කළ යුතු යැයි පවසන අතර, තවත් පිරිසක් ඔවුන්ගේ විශ්වාසය නිසා ඔවුන් සමග සටන් කිරීම අතහැර දැමිය යුතු යැයි පවසති. ඔවුන්ගේ විෂයයෙහි නුඹලා වෙන්වීමට අවශ්ය නැත. ඔවුන්ගේ ක්රියාවන් අනුව අල්ලාහ් ඔවුන් දේව ප්රතික්ෂේපය හා නොමග වෙතට යොමු කිරීමෙන් ඔවුනට ප්රතිචාර දක්වනු ඇත. සත්ය වෙත යොමුවන්නට අල්ලාහ් ආශිර්වාද නොකළවුනට ඔබ මග පෙන්වන්නට සිතන්නෙහිද? අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේද, ඔහු යහමග වෙත කිසිදු මාර්ගයක් නොලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَدُّوْا لَوْ تَكْفُرُوْنَ كَمَا كَفَرُوْا فَتَكُوْنُوْنَ سَوَآءً فَلَا تَتَّخِذُوْا مِنْهُمْ اَوْلِیَآءَ حَتّٰی یُهَاجِرُوْا فِیْ سَبِیْلِ اللّٰهِ ؕ— فَاِنْ تَوَلَّوْا فَخُذُوْهُمْ وَاقْتُلُوْهُمْ حَیْثُ وَجَدْتُّمُوْهُمْ ۪— وَلَا تَتَّخِذُوْا مِنْهُمْ وَلِیًّا وَّلَا نَصِیْرًا ۟ۙ
නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ඔවුන් ප්රතික්ෂේප කළාක් මෙන්ම නුඹලාද ප්රතික්ෂේප කොට දේව ප්රතික්ෂේපයේ නුඹලා ඔවුන් සමග සමානයන් වීම ගැන කුහකයෝ ප්රිය වෙති. ඔවුන්ගේ විශ්වාසයට සාධකයක් වශයෙන් දේව ප්රතික්ෂේපයේ නිවහනින් ඉස්ලාම් ප්රදේශයට අල්ලාහ්ගේ මාර්ගයේ දේශ තරණය කරන තෙක් ඔවුන්ගේ සතුරුකම් හේතුවෙන් ඔවුන් ව මිතුරන් බවට පත් කර නොගනු. ඔවුන් එය පිටුපා ඔවුන් සිටින තත්ත්වයේම අඛණ්ඩ ව සිටියේ නම් නුඹලා ඔවුන් ග්රහණය කර ගනු. ඔවුන් කොතැනක දුටුවද ඔවුන් මරා දමනු. නුඹලාගේ කටයුතු මෙයෙහවන භාරකරුවෙක් ඔවුන් අතුරින් පත් කර නොගනු. නුඹලාගේ සතුරන්ට එරෙහිව නුඹලාට උදව් කරන උදව්කරුෙවෙක් පත් කර නොගනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّا الَّذِیْنَ یَصِلُوْنَ اِلٰی قَوْمٍ بَیْنَكُمْ وَبَیْنَهُمْ مِّیْثَاقٌ اَوْ جَآءُوْكُمْ حَصِرَتْ صُدُوْرُهُمْ اَنْ یُّقَاتِلُوْكُمْ اَوْ یُقَاتِلُوْا قَوْمَهُمْ ؕ— وَلَوْ شَآءَ اللّٰهُ لَسَلَّطَهُمْ عَلَیْكُمْ فَلَقٰتَلُوْكُمْ ۚ— فَاِنِ اعْتَزَلُوْكُمْ فَلَمْ یُقَاتِلُوْكُمْ وَاَلْقَوْا اِلَیْكُمُ السَّلَمَ ۙ— فَمَا جَعَلَ اللّٰهُ لَكُمْ عَلَیْهِمْ سَبِیْلًا ۟
නුඹලා අතර හා ඔවුන් අතර යුද්ධ නොකරන බවට ස්ථීර ගිවිසුමක් ඇති කරගත් ජනයා වෙත සේන්දු වූ හෝ තම හදවත් පීඩනයට පත් ව නුඹලා සමග සටන් වැදීමට හෝ ඔවුන් සමග සටන් වැදීමට අපේක්ෂා නොකරන්නන් හැර. අල්ලාහ් අභිමත වී නම් නුඹලාට වඩා ඔවුනට අවස්ථාව දී ඔවුන් නුඹලා සමග සටන් වදින්නට තිබුණි. එහෙයින් අල්ලාහ්ගෙන් වූ සුවය නුඹලා ඔහුගෙන් පිළිගනු. ඔවුන් ඝාතනය කිරීමෙන් හෝ සිරගත කිරීමෙන් ඔවුනට බාධා නොකරනු. ඔවුන් නුඹලාගෙන් ඉවත් ව නුඹලා සමග සටන් නොවැද සටන් නොකරන යහපත් මිනිසුන් සේ නුඹලා වෙතින් ආරක්ෂාව පතන්නේ නම්, ඔවුන් ඝාතනය කිරීමට හෝ ඔවුන් සිරභාරයට ගැනීමට හෝ කිසිදු මගක් අල්ලාහ් නුඹලා වෙත තබා නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَتَجِدُوْنَ اٰخَرِیْنَ یُرِیْدُوْنَ اَنْ یَّاْمَنُوْكُمْ وَیَاْمَنُوْا قَوْمَهُمْ ؕ— كُلَّ مَا رُدُّوْۤا اِلَی الْفِتْنَةِ اُرْكِسُوْا فِیْهَا ۚ— فَاِنْ لَّمْ یَعْتَزِلُوْكُمْ وَیُلْقُوْۤا اِلَیْكُمُ السَّلَمَ وَیَكُفُّوْۤا اَیْدِیَهُمْ فَخُذُوْهُمْ وَاقْتُلُوْهُمْ حَیْثُ ثَقِفْتُمُوْهُمْ ؕ— وَاُولٰٓىِٕكُمْ جَعَلْنَا لَكُمْ عَلَیْهِمْ سُلْطٰنًا مُّبِیْنًا ۟۠
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, කුහකයින් අතර තවත් පිරිසක් සිටිති. ඔවුන්ගේ ජීවිත නුඹලාගෙන් ආරක්ෂා කර ගනු පිණිස ඔවුහු නුඹලා වෙත තම දේව විශ්වාසය පෙන්වති. නමුත් දෙවියන් ප්රතික්ෂේ කරන්නන් වෙත ඔවුන් ගිය විට ඔවුන්ගෙන් ආරක්ෂාව ලබනු පිණිස, දේව ප්රතික්ෂේපය ඔවුන් වෙත පෙන්වති. නමුත් අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීමටත් ඔහුට ආදේශ කිරීමටත් ඔවුන් ඇරයුම් කරනු ලබන සෑම අවස්ථාවකව දීම ඔවුහු එහි ඉතා දැඩි ව නියැළෙති. මෙවැන්නන් නුඹලා සමග සටන් වැදීම අතහැර නොදැමුවේ නම්, දැහැමියන් ලෙසින් ඔවුන් නුඹලාගෙන් ආරක්ෂාව නොපැතුවේ නම්, ඔවුන්ගේ අත් නුඹලාගෙන් ඉවත් කර නොගත්තේ නම්, නුඹලා ඔවුන් ග්රහණය කරනු. ඔවුන් දුටු තැන මරා දමනු. මෙවන් ගුණාංග සතු උදවියට ඔවුන්ගේ කුමන්ත්රණකාරී මෙන්ම වංචාකාරී ක්රියාවන් වෙනුවෙන් ඔවුන් ග්රහණය කිරීමටත් මරා දැමීමටත් අපි නුඹලාට පැහැදිලි සාධකයක් මෙන්ම බලයක් නුඹලාට අපි පිරිනමා ඇත්තෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• خفاء حال بعض المنافقين أوقع الخلاف بين المؤمنين في حكم التعامل معهم.
•ඇතැම් කුහකයින්ගේ තත්ත්වය සැඟවීම. ඔවුන් සමග කටයුතු කිරීමේ නීතිය සම්බන්ධයෙන් දෙවියන් විශ්වාස කරන්නන් අතර ආරවුල් හා මතභේද ඇති කරනු ඇත.

• بيان كيفية التعامل مع المنافقين بحسب أحوالهم ومقتضى المصلحة معهم.
කුහකයින්ගේ තත්ත්වයන්ට අනුව ඔවුන් සමග කටයුතු කළ යුතු ආකාරය හා ඔවුන් සමග යහපත් ලෙස තීන්දු තීරණ ගැනීමේ ආකාරය පැහැදිලි කිරීම.

• عدل الإسلام في الكف عمَّن لم تقع منه أذية متعدية من المنافقين.
•සීමාව ඉක්මවීමක් හෝ හිංසා පීඩාවක් හෝ ඇති නොකරන කුහකයින් සමග සටන් නොකරන මෙන් පවසන ඉස්ලාමයේ යුක්තිය.

• يكشف الجهاد في سبيل الله أهل النفاق بسبب تخلفهم عنه وتكلُّف أعذارهم.
•දේව මාර්ගයේ අරගල කිරීමේදී කුහකකමේ ජනයා හෙළි වනු ඇත. එය ඔවුන් එසේ කිරීමට පසුබට වීම සහ ඔවුන්ගේ නිදහසට කරුණු පවසා සිටින හේතුවෙනි.

 
የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት