Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ   አንቀጽ:
وَمَا لَكُمْ لَا تُقَاتِلُوْنَ فِیْ سَبِیْلِ اللّٰهِ وَالْمُسْتَضْعَفِیْنَ مِنَ الرِّجَالِ وَالنِّسَآءِ وَالْوِلْدَانِ الَّذِیْنَ یَقُوْلُوْنَ رَبَّنَاۤ اَخْرِجْنَا مِنْ هٰذِهِ الْقَرْیَةِ الظَّالِمِ اَهْلُهَا ۚ— وَاجْعَلْ لَّنَا مِنْ لَّدُنْكَ وَلِیًّا ۙۚ— وَّاجْعَلْ لَّنَا مِنْ لَّدُنْكَ نَصِیْرًا ۟ؕ
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි, දෙවියන්ගේ වචනය උසස් කිරීම සඳහාත් දෙවියන්ගෙන් ආරක්ෂාව පතමින් “අපගේ පරමාධිපතියාණනි, අල්ලාහ්ට ආදේශ තැබීමෙන් හා ඔහුගේ ගැත්තන්හට පහර දීමෙන් එහි ජනයාට හිංසා පීඩා කිරීම නිසාවෙන් අප ව මක්කාවෙන් පිටතට ගෙන යනු මැනව!. අපගේ කටයුතු ආරක්ෂා කරන සොයා බලන භාරකරුවකු ඔබ වෙතින් අපහට පත් කරනු මැනව! හිංසාවෙන් අප මුදවා ගන්නා උදව්කරුවකු පත් කරනු මැනවැයි ප්රාර්ථනා කරන පිරිමින්ගෙන් ගැහැනුන්ගෙන් හා ළමයින්ගෙන් දුබලයන් බේරා ගැනීමටත් ඔබ ව වළක්වන්නේ කුමක්ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَّذِیْنَ اٰمَنُوْا یُقَاتِلُوْنَ فِیْ سَبِیْلِ اللّٰهِ ۚ— وَالَّذِیْنَ كَفَرُوْا یُقَاتِلُوْنَ فِیْ سَبِیْلِ الطَّاغُوْتِ فَقَاتِلُوْۤا اَوْلِیَآءَ الشَّیْطٰنِ ۚ— اِنَّ كَیْدَ الشَّیْطٰنِ كَانَ ضَعِیْفًا ۟۠
සැබෑ දේව විශ්වාස කළවුන් අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිස ඔහුගේ මාර්ගයේ අරගල කරති. නමුත් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සටන් වදිනුයේ ඔවුන්ගේ දෙවිවරුන්ගේ මාර්ගයෙහිය. ෂෙයිතානුන්ගේ සහායකයින් සමග ඔබ අරගල කරන්න. සැබැවින්ම ඔබ ඔවුන් සමග අරගල කරන්නේ නම් ඔබ ඔවුන් අබිබවා යනු ඇත. ඊට හේතුව ෂෙයිතාන්ගේ සැලසුම දුර්වලය. අල්ලාහ් කෙරෙහි සම්පූර්ණ භාරකාරත්වය තැබූ අයට කිසිදු හානියක් සිදු කිරීමට ඔවුනට නොහැක.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ قِیْلَ لَهُمْ كُفُّوْۤا اَیْدِیَكُمْ وَاَقِیْمُوا الصَّلٰوةَ وَاٰتُوا الزَّكٰوةَ ۚ— فَلَمَّا كُتِبَ عَلَیْهِمُ الْقِتَالُ اِذَا فَرِیْقٌ مِّنْهُمْ یَخْشَوْنَ النَّاسَ كَخَشْیَةِ اللّٰهِ اَوْ اَشَدَّ خَشْیَةً ۚ— وَقَالُوْا رَبَّنَا لِمَ كَتَبْتَ عَلَیْنَا الْقِتَالَ ۚ— لَوْلَاۤ اَخَّرْتَنَاۤ اِلٰۤی اَجَلٍ قَرِیْبٍ ؕ— قُلْ مَتَاعُ الدُّنْیَا قَلِیْلٌ ۚ— وَالْاٰخِرَةُ خَیْرٌ لِّمَنِ اتَّقٰی ۫— وَلَا تُظْلَمُوْنَ فَتِیْلًا ۟
අහෝ දූතය, තමන්ට ජිහාද් අනිවාර්ය කරන මෙන් විමසා සිටින ඔබේ ඇතැම් සගයින්ගේ කටයුතු පිළිබඳව ඔබ දන්නෙහිද? ‘ඔබ යුද්ධ කිරීමෙන් වැළකෙනු. සලාතය ඉටු කරනු. සකාත් දෙනු’ යැයි ඔවුනට පවසනු ලැබීය. මෙය ජිහාද් අනිවාර්යය වීමට පෙර සිදු වූවකි. ඔවුන් මදීනාවට විතැන් වූ විට ඉස්ලාමයට ආරක්ෂාවක් අවශ්ය විය. යුද්ධය අනිවාර්ය කරන ලදී. ඔවුන් ගෙන් ඇතැමෙකුට එය දුෂ්කර විය. අල්ලාහ්ට බිය වන තරමට හෝ ඊටත් වඩා වැඩියෙන් ඔවුන් ජනයාට බිය වූහ. පසු ව ඔවුහු මෙසේ ප්රකාශ කර සිටියහ: ‘අහෝ අපගේ පරමාධිපතියාණනි, ඔබ අපහට යුද්ධය අනිවාර්යය කළේ මන්ද? මෙලොව භුක්ති විඳින තෙක් ටික කලක් ප්රමාද කරන්නට තිබුණා නොවේද? අහෝ දූතය, ඔවුනට මෙසේ පවසනු. මෙලොව සැප ඉතා අල්පය. පහත්ය. මතු ලොව ඇති සැප සදාතනික බැවින් දෙවියන් පිළිබඳ මතකයෙන් පසුවන්නාට එය වඩාත් ශ්රේෂ්ඨ වන්නේය. එහි ඔබගේ කිසිදු යහපත් ක්රියාවක ප්රතිඵල රටඉඳි ගෙඩියක මතු පිටින් පෙනෙන නාරටියක තරම් වුව ද අඩු කරන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَیْنَمَا تَكُوْنُوْا یُدْرِكْكُّمُ الْمَوْتُ وَلَوْ كُنْتُمْ فِیْ بُرُوْجٍ مُّشَیَّدَةٍ ؕ— وَاِنْ تُصِبْهُمْ حَسَنَةٌ یَّقُوْلُوْا هٰذِهٖ مِنْ عِنْدِ اللّٰهِ ۚ— وَاِنْ تُصِبْهُمْ سَیِّئَةٌ یَّقُوْلُوْا هٰذِهٖ مِنْ عِنْدِكَ ؕ— قُلْ كُلٌّ مِّنْ عِنْدِ اللّٰهِ ؕ— فَمَالِ هٰۤؤُلَآءِ الْقَوْمِ لَا یَكَادُوْنَ یَفْقَهُوْنَ حَدِیْثًا ۟
ඔබ කොතැනක වෙතත් ඔබේ අවසන් මොහොත පැමිණි විට මරණය ඔබ වෙත ළඟා වනු ඇත. යුද පිටියෙන් දුරස් ව ආරක්ෂිත බලකොටුවක සිටියද එය පැමිණෙන්නේමය. මෙම කුහකයින්හට දරු සම්පතක් හෝ පෝෂණයක් හෝ ලැබුණු විට ඒ ගැන සතුටු වෙමින් ‘මෙය අල්ලාහ් වෙතින් ලැබුණු දෙයකැයි පවසති. දරුවෙකු හෝ පෝෂණය විෂයයෙහි යම් අසීරුතාවක් ඔවුනට අත් වූයේ නම් මෙම නපුර සිදු වූයේ ඔබ හේතුවෙන් යැයි නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට දොස් පවසති. අහෝ දූතය, ඔවුනට පිළිතුරු වශයෙන් මෙසේ පවසනු. සෑම ආකාරයකම සතුට හා පීඩාව අල්ලාහ්ගේ නියමය හා පෙරනිමිත්ත අනුව සිදුවන්නකි. තමන් ගැන මෙසේ පවසන අය ඔබ ඔවුනට පවසන ප්රකාශ වටහා ගන්නට වෑයම් නොකරනුයේ ඇයි?
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَاۤ اَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللّٰهِ ؗ— وَمَاۤ اَصَابَكَ مِنْ سَیِّئَةٍ فَمِنْ نَّفْسِكَ ؕ— وَاَرْسَلْنٰكَ لِلنَّاسِ رَسُوْلًا ؕ— وَكَفٰی بِاللّٰهِ شَهِیْدًا ۟
ආදම්ගේ පුතනුවනි, යම් සම්පතක් හෝ දරුවෙක් හේතුවෙන් කිසියම් සතුටක් ඔබ ලබන්නේද එය අල්ලාහ් විසින් ලැබූවකි. එය ඔබට ඔහු කළ ආශිර්වාදයකි. නමුත් ඔබේ සම්පත හෝ දරුවා විෂයයෙහි ඔබ අසහනයට පත් වන්නේ ද එය ඔබ කළ පාපයක් හේතුවෙන් ඔබ විසින්ම සොයා ගත් එකකි. අහෝ! නබි වරය, ඔබේ පරමාධිපතිගේ පණිවුඩය සියලුම මිනිසුන්හට දන්වා සිටිනු පිණිස ඔබ ඔවුන් අතරට දහම් දූතයකු ලෙස අපි එවා ඇත්තෙමු. ඔබ කවර කරුණක් දන්වා සිටින්නේ ද එමෙන්ම කවර කරුණක් සාධක වශයෙන් හා සාක්ෂි වශයෙන් පිරිනමනු ලැබ ඇත්තේද ඒ පිළිබඳ ඔබ ව තහවුරු කිරීමට අල්ලාහ්ම ප්රමාණවත් වන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• وجوب القتال لإعلاء كلمة الله ونصرة المستضعفين، وذم الخوف والجبن والاعتراض على أحكام الله.
•අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිසත් දුබලයින්හට උදව් කරනු පිණිසත් අරගල කිරීමේ අනිවාර්යභාවය. බියවීම හා පසුබෑමේ පහත් තත්ත්වය හා අල්ලාහ්ගේ නීතිරීති වලට පිටුපෑමේ පහත් තත්ත්වය.

• الدار الآخرة خير من الدنيا وما فيها من متاع وشهوات لمن اتقى الله تعالى وعمل بطاعته.
•අල්ලාහ්ට අවනත වෙමින් ක්රියා කරන ඔහු පිළිබඳ මතකයෙන් පසුවන අයහට මෙලොව හා මෙලොවෙහි ඇති සියලු සැප සම්පත් හා ආශාවන්ට වඩා මතු ලොව නිවහන උතුම් වන්නේය.

• الخير والشر كله بقدر الله، وقد يبتلي الله عباده ببعض السوء في الدنيا لأسباب، منها: ذنوبهم ومعاصيهم.
•යහපත හා අයහපත යන සියල්ල අල්ලාහ්ගේ නියමය අනුව සිදුවන්නකි. ඔවුන් සිදු කළ පාපකම් හා අපරාධ හේතුවෙන් ඇතැම් විට අල්ලාහ් තම ගැත්තන් මෙලොවේදීම පරීක්ෂාවට ලක් කරයි.

 
የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት