Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ   አንቀጽ:
وَالَّذِیْنَ یُنْفِقُوْنَ اَمْوَالَهُمْ رِئَآءَ النَّاسِ وَلَا یُؤْمِنُوْنَ بِاللّٰهِ وَلَا بِالْیَوْمِ الْاٰخِرِ ؕ— وَمَنْ یَّكُنِ الشَّیْطٰنُ لَهٗ قَرِیْنًا فَسَآءَ قَرِیْنًا ۟
එමෙන්ම ජනයාට ප්රදර්ශනය කොට ඔවුන් ප්රශංසා කරනු පිණිස තම ධනය වියදම් කරන්නන් වෙනුවෙන් අපි දඬුවම සූදානම් කර ඇත්තෙමු. ඔවුන් අල්ලාහ් ව විශ්වාස කරන්නන් නොවෙති. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ද විශ්වාස කරන්නන් නොවෙති. එම නින්දනීය දඬුවම අපි ඔවුනට සූදානම් කර ඇත්තෙමු. ෂෙයිතාන් ව අනුගමනය කරන්නන් මිස වෙනත් කිසිවකු ඔවුන් මුළා කළේ නැත. ෂෙයිතාන් කවරෙකුට අනිවාර්යය මිතුරෙකු වූයේ ද එම මිතුරුකම ඉතා නරක මිතුරුකමක් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاذَا عَلَیْهِمْ لَوْ اٰمَنُوْا بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ وَاَنْفَقُوْا مِمَّا رَزَقَهُمُ اللّٰهُ ؕ— وَكَانَ اللّٰهُ بِهِمْ عَلِیْمًا ۟
සැබෑ ලෙස අල්ලාහ් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස කොට ඔවුනට අල්ලාහ් පිරිනමා ඇති දැයින් ඔහු ප්රිය කරන තෘප්තියට පත්වන ආකාරයෙන් විදයම් කළේ නම් ඔවුනට කවර හිංසාවක් ඇති වන්නේද? මේ සියල්ලෙහි යහපත ඇත. ඔවුන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඔවුන්ගේ කිසිදු තත්ත්වයක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සෑම ක්රියාවකටම ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ اللّٰهَ لَا یَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ ۚ— وَاِنْ تَكُ حَسَنَةً یُّضٰعِفْهَا وَیُؤْتِ مِنْ لَّدُنْهُ اَجْرًا عَظِیْمًا ۟
සැබැවින්ම අල්ලාහ් සාධාරණනීයය. ඔහුගේ ගැත්තන්හට කිසිදු අසාධාරණයක් සිදු කරන්නේ නැත. එහෙයින් ඔවුන් කළ යහකම් අතුරින් කුඩා කුහුඹුවක තරම්වත් අඩු කරන්නේ නැත. ඔවුන් කළ පාපකම් අතුරින් කිසිවක් වැඩි කරන්නේ ද නැත. එමෙන්ම යමෙකු අණුවක තරම් හෝ යහපතක් සිදු කර ඇත්නම් ඊට අමතර ව එහි කුසල් ඔහු ප්රගුණ කර දෙයි. එම ප්රගුණ දීමනා සමග ඔහු අබියසින් අතිමහත් තිළිණද පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَكَیْفَ اِذَا جِئْنَا مِنْ كُلِّ اُمَّةٍ بِشَهِیْدٍ وَّجِئْنَا بِكَ عَلٰی هٰۤؤُلَآءِ شَهِیْدًا ۟ؕؔ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සෑම සමූහයකටම අදාළ නබිවරයා ව ගෙනැවිත් ඔවුන් කළ කම් වෙනුවෙන් එම නබිවරයා සාක්ෂි වශයෙන් පත් කොට නුඹව ද ගෙනැවිත් නුඹේ සමූහයා මත සාක්ෂිකරුවකු බවට පත් කරන විට කරුණ කෙසේ නම් වීද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَىِٕذٍ یَّوَدُّ الَّذِیْنَ كَفَرُوْا وَعَصَوُا الرَّسُوْلَ لَوْ تُسَوّٰی بِهِمُ الْاَرْضُ ؕ— وَلَا یَكْتُمُوْنَ اللّٰهَ حَدِیْثًا ۟۠
ඒ මහත් වූ දිනයේ අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන්ට පිටුපා කටයුතු කළවුන් තමන් පසට පස් වී මහපොළොව සමග සමතලා වී තිබුණා නම් මැනවයි ප්රිය කරති. ඔවුන් කළ කම් කිසිවක් අල්ලාහ්ට සැඟ වී යන්නේ නැත. ඊට හේතුව නියත වශයෙන්ම අල්ලාහ් ඔවුනට කතා කළ නොහැකි පරිදි ඔවුන්ගේ දිවවල් මුද්රා තබා ඔවුන්ගේ සෙසු අවයව වලට කතා කිරීමට අනුමැතිය ලබා දෙනු ඇත. එවිට ඒවා ඔවුනට එරෙහි ව ඔවුන් කළ කම් පිළිබඳ සාක්ෂි දරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَقْرَبُوا الصَّلٰوةَ وَاَنْتُمْ سُكٰرٰی حَتّٰی تَعْلَمُوْا مَا تَقُوْلُوْنَ وَلَا جُنُبًا اِلَّا عَابِرِیْ سَبِیْلٍ حَتّٰی تَغْتَسِلُوْا ؕ— وَاِنْ كُنْتُمْ مَّرْضٰۤی اَوْ عَلٰی سَفَرٍ اَوْ جَآءَ اَحَدٌ مِّنْكُمْ مِّنَ الْغَآىِٕطِ اَوْ لٰمَسْتُمُ النِّسَآءَ فَلَمْ تَجِدُوْا مَآءً فَتَیَمَّمُوْا صَعِیْدًا طَیِّبًا فَامْسَحُوْا بِوُجُوْهِكُمْ وَاَیْدِیْكُمْ ؕ— اِنَّ اللّٰهَ كَانَ عَفُوًّا غَفُوْرًا ۟
අහෝ! අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කරන්නනි, නුඹලා මත් බවින් සිටියදී පවසන දේ කුමක්දැ යි නුඹලාට වෙන්කර හඳුනා ගත හැකි තරමට පැහැදිලි වන තෙක් සලාත් ඉටු නොකරන්න. මෙය මත්පැන් පොදුවේ තහනම් කිරීමට පෙර පහළ වූවකි. එමෙන්ම ජනාබත් හෙවත් ස්නානය අනිවාර්යය වූ තත්ත්වයක ද සලාතය ඉටු නොකරන්න. එවන් තත්ත්වයක නුඹලා ස්නානය කරන තෙක් මස්ජිදය වෙත පිවිස එහි රැඳී නොසිටින්න. නමුත් ඒ හරහා ගමන් කිරීම වරදක් නැත. ජලය භාවිත කළ නොහැකි තරමට යම් රෝගයක් නුඹලාට වැලඳ ඇත්නම් හෝ නුඹලා ගමනක නිරත ව සිටින්නේ නම් හෝ නුඹලාගෙන් කිසිවකු කිලිටි තත්වයේ පසුවන්නේ නම් හෝ නුඹලා බිරියන් සමග සංසර්ගයේ යෙදුණු තත්ත්වය සිටින්නේ නම් හෝ ඉන්පසුව නුඹලාට පිරිසිදුවන්නට ජලය නොලැබුණු විටෙක පිරිසිදු පස් අරමුණු කර ගන්න. එයින් නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් ද ගල්වා ගන්න. නියත වශයෙන්ම අල්ලාහ් එසේ කෙටි කර ගැනීම පිළිබඳ සමාව දෙන්නාය. ඔහු අතික්ෂමාශීලීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ اُوْتُوْا نَصِیْبًا مِّنَ الْكِتٰبِ یَشْتَرُوْنَ الضَّلٰلَةَ وَیُرِیْدُوْنَ اَنْ تَضِلُّوا السَّبِیْلَ ۟ؕ
අහෝ! දූතයිනි, තව්රාත් දැනුමෙන් කොටසක් අල්ලාහ් පිරිනැමූ යුදෙව්වන්ගේ කටයුතු පිළිබඳ නුඹ නොදන්නෙහිද? ඔවුන් යහමග වෙනුවට මුළාව හුවමාරු කර ගනිති. අහෝ! දේව විශ්වාසී ජනයිනි, ඔවුන්ගේ වැරදි මාර්ගයේ නුඹලාවද ගමන් කරවනු පිණිස රසූල්වරයා කවර ඍජු මාර්ගයක් නුඹලා වෙත ගෙන ආවේද එයින් නුඹලා ව නොමග යවන්නට ඔවුන් ඉමහත් ආශාවෙන් සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من كمال عدله تعالى وتمام رحمته أنه لا يظلم عباده شيئًا مهما كان قليلًا، ويتفضل عليهم بمضاعفة حسناتهم.
•අල්ලාහ්ගේ පූර්ණ සාධාරණීයත්වය හා ඔහුගේ පූර්ණ දයාලුභාවය. සුළුවෙන් වුවද ඔහු ඔහුගේ ගැත්තන්හට කිසිදු අසාධාරණයක් සිදු නොකරන්නේය. ඔවුන්ගේ යහපත ගුණ කරමින් ඔවුන් වෙත භාග්යය පිරිනමන්නේය.

• من شدة هول يوم القيامة وعظم ما ينتظر الكافر يتمنى أن يكون ترابًا.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින භයානක අර්බුදය හා දෙවියන් ප්රතික්ෂේප කරන්නා එය දකින විට තමන් පස් බවට පත් විය යුතු නොවේදැයි පවසා සිටින බිහිසුණු දර්ශනය.

• الجنابة تمنع من الصلاة والبقاء في المسجد، ولا بأس من المرور به دون مُكْث فيه.
•කිලිටි තත්ත්වයට පත්වීම සලාතය ඉටු කිරීමෙන් හා මස්ජිදයේ රුඳී සිටීමෙන් වළක්වනු ඇත. නමුත් මස්ජිදයේ රුඳී නොසිට ඒ හරහා ගමන් කිරීම වරදක් නැත.

• تيسير الله على عباده بمشروعية التيمم عند فقد الماء أو عدم القدرة على استعماله.
•ජලය නොමැති වූ අවස්ථාවක හෝ එය භාවිත කිරීමට නොහැකි අවස්ථාවක තයම්මුම් කිරීමේ පිළිවෙත ආගමානුගත කිරීමෙන් අල්ලාහ් තම ගැත්තන්හට පහසු කර තිබීම.

 
የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት