Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ   አንቀጽ:
وَاِنْ اَرَدْتُّمُ اسْتِبْدَالَ زَوْجٍ مَّكَانَ زَوْجٍ ۙ— وَّاٰتَیْتُمْ اِحْدٰىهُنَّ قِنْطَارًا فَلَا تَاْخُذُوْا مِنْهُ شَیْـًٔا ؕ— اَتَاْخُذُوْنَهٗ بُهْتَانًا وَّاِثْمًا مُّبِیْنًا ۟
අහෝ! ස්වාමි පුරුෂයිනි, බිරිය දික්කසාද කොට ඇයගේ ස්ථානයේ වෙනත් කතක් තබන්නට නුඹලා අපේක්ෂා කරන්නේ නම් එහි නුඹලාට වරදක් නැත. නුඹලා වෙන් වීමට අපේක්ෂා කරන ඇයට මහර් නොහොත් විවාහ ත්යාග වශයෙන් ධන සම්භාරයක් නුඹලා පිරිනමා තිබුණද ඉන් කිසිවක් නැවත ලබා ගැනීම නුඹලාට තහනම් වන්නේය. එසේ නුඹලා ඔවුනට පිරිනැමූ දෑ නැවත ගන්නේ නම් එය පැහැදිලි වරදක් හා පැහැදිලි පාපයක් ලෙස සලකනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَیْفَ تَاْخُذُوْنَهٗ وَقَدْ اَفْضٰی بَعْضُكُمْ اِلٰی بَعْضٍ وَّاَخَذْنَ مِنْكُمْ مِّیْثَاقًا غَلِیْظًا ۟
නුඹලා ඔවුන් සමග ආදර සම්බන්ධකම් පවත්වා ඔවුන්ගේ පහස විද ඔවුන්ගේ සියලු රහස් පිළිබඳ දැන ගත් පසු නුඹලා ඔවුනට පිරිනැමූ මහර් නැවත ලබා ගනුයේ කෙසේද? ඉන් පසු ව නුඹලා ඔවුන් සතු ව ඇති දෑට ආශා කිරීම පිළිකුල් සහගත අප්රසන්න කටයුත්තකි. සැබැවින් ඔවුන් බලවත් ප්රතිඥාවක් නුඹලාගෙන් ලබා ඇත. එනම්, එය අල්ලාහ්ගේ වදන හා ඔහුගේ නීතිය පෙරටු කරමින් ඔබ අනුමත කර තිබීමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَنْكِحُوْا مَا نَكَحَ اٰبَآؤُكُمْ مِّنَ النِّسَآءِ اِلَّا مَا قَدْ سَلَفَ ؕ— اِنَّهٗ كَانَ فَاحِشَةً وَّمَقْتًا ؕ— وَسَآءَ سَبِیْلًا ۟۠
නුඹලාගේ පියවරුන් විසින් විවාහ කර ගත් කාන්තාවන් නුඹලා විවාහ කර නොගනු. එය තහනම් කරන ලද්දකි. නමුත් ඉස්ලාමයට පෙර එසේ කටයුත්තක් සිදු වී ඇත්නම් එය වරදක් ලෙස ගණන් ගනු නොලැබේ. නුඹලාගේ පියවරුන් විසින් විවාහ කර ගත් කාන්තාවන් දරුවන් විසින් විවාහ කර ගැනීම අශීලාචාර කටයුත්තකි. එසේ සිදු කරන්නා අල්ලාහ්ගේ කෝපයට ලක් වීමට හේතු වන්නේය. එවන් මගක ගමන් කරන්නා ගමන් කරනුයේ ඉතා නපුරු මගකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
حُرِّمَتْ عَلَیْكُمْ اُمَّهٰتُكُمْ وَبَنٰتُكُمْ وَاَخَوٰتُكُمْ وَعَمّٰتُكُمْ وَخٰلٰتُكُمْ وَبَنٰتُ الْاَخِ وَبَنٰتُ الْاُخْتِ وَاُمَّهٰتُكُمُ الّٰتِیْۤ اَرْضَعْنَكُمْ وَاَخَوٰتُكُمْ مِّنَ الرَّضَاعَةِ وَاُمَّهٰتُ نِسَآىِٕكُمْ وَرَبَآىِٕبُكُمُ الّٰتِیْ فِیْ حُجُوْرِكُمْ مِّنْ نِّسَآىِٕكُمُ الّٰتِیْ دَخَلْتُمْ بِهِنَّ ؗ— فَاِنْ لَّمْ تَكُوْنُوْا دَخَلْتُمْ بِهِنَّ فَلَا جُنَاحَ عَلَیْكُمْ ؗ— وَحَلَآىِٕلُ اَبْنَآىِٕكُمُ الَّذِیْنَ مِنْ اَصْلَابِكُمْ ۙ— وَاَنْ تَجْمَعُوْا بَیْنَ الْاُخْتَیْنِ اِلَّا مَا قَدْ سَلَفَ ؕ— اِنَّ اللّٰهَ كَانَ غَفُوْرًا رَّحِیْمًا ۟ۙ
නුඹලාගේ මව්වරුන් හා ඊට ඉහළින් සිටින පියාගේ හෝ මවගේ මව්වරුන් (ආච්චි) ද නුඹලාගේ දූවරුන් හා ඊට පහළින් සිටින දූවරුන්ගේ දූවරුන් හා එම දූවරුන්ගේ දූවරුන් මෙන්ම පුතාගේ දූවරුන් එම දූවරුන්ගේ දූවරුන් හා ඊට පහළින් සිටින අය ද නුඹලාගේ දෙමාපියන් විසින් දාව නුඹලාගේ සහෝදරියන් හෝ ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකුගෙන් දාව සහෝදරියන්ද නුඹලාගේ පියාගේ සහෝදරියන් මෙන්ම නුඹලාගේ පියා හෝ මවගේ මව්පියන්ගේ සහෝදරියන් හා ඊට ඉහළින් සිටින්නන් ද නුඹලාගේ පියාගේ සහෝදරියන් මෙන්ම නුඹලාගේ පියා හෝ මවගේ සහෝදරියන් හා ඊට ඉහළින් සිටින්නන්ද නුඹලාගේ සහෝදරයාගේ දූවරුන් සහෝදරියගේ දූවරුන් හා එම දූවරුන් ගේ දූවරුන් වශයෙන් ඊට පහළින් සිටින්නන් ද නුඹලාට කිරි දී වඩාගත් නුඹලාගේ මව්වරුන් ද කිරි බීම හේතුවෙන් ඇති වූ නුඹලාගේ සහෝදරියන් ද නුඹලාගේ බිරියන් සමග සංසර්ගයේ නිරත වුව ද එසේ නිරත නොවුව ද එම බිරියන්ගේ මව්වරුන් ද නුඹලාගේ බිරියන් සමග සංසර්ගයේ නිරත ව ඇත්නම් ඔවුනට වෙනත් අය විසින් බිහි වී නුඹලාගේ නිවෙස් වල ඇතිදැඩි වන මෙන්ම එසේ එහි ඇතිදැඩි නොවන දූවරුන් ද විවාහ වීම අල්ලාහ් නුඹලාට තහනම් කර ඇත. නුඹලාගේ බිරියන් සමග සංසර්ගයේ නිරතව නොමැතිනම් ඔවුන්ගේ දූවරුන් විවාහ වීමේ වරදක් නුඹලාට නොමැත. එමෙන්ම නුඹලාගේ කොඳුනාරටියෙන් බිහි වූ නුඹලාගේ පුතුන්ගේ බිරියන් (ලේලිවරු) ඔවුන් ඔවුන්ගේ බිරියන් සමග සංසර්ගයේ නිරත නොවුව ද නුඹලා ඔවුන් විවාහ කර ගැනීම තහනම් කර ඇත. ජාහිලිය්යා නම් අඥාන යුගයේ පැවති දෑ මිස පරම්පරාවෙන් හෝ කිරි බීම හේතුවෙන් හෝ ඇති වන සහෝදරියන් දෙදෙනකු එකට තබා ගැනීමත් නුඹලාට තහනම් කර ඇත. ඒ පිළිබඳ අල්ලාහ් සමාව දුන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් තමන් වෙත පශ්චාත්තාප වී සමාව අයැදින්නන්හට සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. එමෙන්ම කාන්තාවක හා ඇගේ මවගේ හෝ ඇගේ පියාගේ සහෝදරියන් යන දෙදෙනකු එකට තබා ගැනීමේ තහනම සුන්නාව හෙවත් නබිතුමාගේ ඉගැන්වීම්වල සඳහන් ව ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• إذا دخل الرجل بامرأته فقد ثبت مهرها، ولا يجوز له التعدي عليه أو الطمع فيه، حتى لو أراد فراقها وطلاقها.
•ස්වාමිපුරුෂයකු තම බිරිය සමග අඹුසැමි ඇසුරෙහි නිරත වූ විට ඇයගේ මහර් හෙවත් (විවාහ ත්යාගය) ස්ථීර වන්නේය. ඇයගෙන් වෙන්වීමට හෝ දික්කසාද වීමට සිතුවේ නම් ඒ සම්බන්ධයෙන් ඉක්මවා කටයුතු කිරීම සුදුසු නොවන අතර ඒ ගැන ආශාවක් නොතැබිය යුතුය.

• حرم الله تعالى نكاح زوجات الآباء؛ لأنه فاحشة تمقتها العقول الصحيحة والفطر السليمة.
•පියවරුන්ගේ බිරියන් විවාහ වීම අල්ලාහ් තහනම් කර ඇති අතර සිහිබුද්ධිය හා යහපත් පැවැත්ම, එය පිළිකුල් කරන අශීලාචාර ක්රියාවකි.

• بين الله تعالى بيانًا مفصلًا من يحل نكاحه من النساء ومن يحرم، سواء أكان بسبب النسب أو المصاهرة أو الرضاع؛ تعظيمًا لشأن الأعراض، وصيانة لها من الاعتداء.
•විවාහ වීමට අනුමැති කාන්තාවන් හා විවාහ වීමට තහනම් කාන්තාවන් පිළිබඳ විස්තරාත්මක විග්‍රහයක් අල්ලාහ් මෙහිදී පැහැදිලි කර ඇත. එය ඥාතිත්වය හේතුවෙන් හෝ විවාහය හේතුවෙන් හෝ කිරි පෙවීම හේතුවෙන් හෝ සිදු වුව ද එක සමානය. එය මානයට ඇති ගෞරවය පිළිඹිබු කිරීමටත් ඇයට අත්විය හැකි ගැටලු වලින් ඇය ආරක්ෂා කිරීමටත් ගත් පියවරකි.

 
የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት