Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ   አንቀጽ:
لَا خَیْرَ فِیْ كَثِیْرٍ مِّنْ نَّجْوٰىهُمْ اِلَّا مَنْ اَمَرَ بِصَدَقَةٍ اَوْ مَعْرُوْفٍ اَوْ اِصْلَاحٍ بَیْنَ النَّاسِ ؕ— وَمَنْ یَّفْعَلْ ذٰلِكَ ابْتِغَآءَ مَرْضَاتِ اللّٰهِ فَسَوْفَ نُؤْتِیْهِ اَجْرًا عَظِیْمًا ۟
මිනිසුන් රහසිගත ව කතා කරන බොහේ දේවල්හි යහපතක් නැත. එහි ප්රයොජනයද නැත. නමුත් ඔවුන්ගේ ප්රකාශයන්හි දානය පිළිබඳ ව හෝ දහමෙහි පැමිණි ඇති බුද්ධිමය දැහැමි කටයුත්තක් පිළිබඳ ව හෝ නියෝගයක් වී නම් හෝ ගැටුමට පැටලුනු දෙදෙනෙකු අතර සමතයට පත් කිරීමට කෙරෙන ඇරයුමක් වී නම් හෝ එවැන්නක් යහපතකි. කවරෙකු මේවා අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් සිදු කරන්නේද ඔහුට අපි අතිමහත් කුසල් පිරිනමමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ یُّشَاقِقِ الرَّسُوْلَ مِنْ بَعْدِ مَا تَبَیَّنَ لَهُ الْهُدٰی وَیَتَّبِعْ غَیْرَ سَبِیْلِ الْمُؤْمِنِیْنَ نُوَلِّهٖ مَا تَوَلّٰی وَنُصْلِهٖ جَهَنَّمَ ؕ— وَسَآءَتْ مَصِیْرًا ۟۠
කවරෙකු රසූල්වරයාට පිටුපාමින් ඔහු කවර දෙයක් ගෙන ආවේද එය පැහැදිලි වූවායින් පසු එයට විරුද්ධ වෙමින් කටයුතු කර දෙවියන් විශ්වාස කරන්නන්ගේ මාර්ගය හැර වෙනත් මාර්ගයක් පිළිපදින්නේද ඔහු ද ඔහු වෙනුවෙන් ඔහු තෝරාගත් දෑ ද අපි අතහැර දමන්නෙමු. ඔහු උවමනාවෙන්ම එය පිටුපෑ හේතුවෙන් සත්යය වෙත ආශිර්වාද නොකරන්නෙමු. උතුරන නිරා ගින්නට අපි ඔහු ඇතුළත් කරන්නෙමු. එහි වැසියන් යොමු වන ස්ථානය ඉතා නපුරුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ اللّٰهَ لَا یَغْفِرُ اَنْ یُّشْرَكَ بِهٖ وَیَغْفِرُ مَا دُوْنَ ذٰلِكَ لِمَنْ یَّشَآءُ ؕ— وَمَنْ یُّشْرِكْ بِاللّٰهِ فَقَدْ ضَلَّ ضَلٰلًا بَعِیْدًا ۟
සැබැවින්ම අල්ලාහ් ආදේශ තැබීමේ වරදට සමාව දෙන්නේම නැත. එසේ ආදේශ කළ තැනැත්තා නිරා ගින්නේ සදාතනික ව වෙසෙනු ඇත. ෂිර්ක් හෙවත් ආදේශ කිරීම හැර සෙසු පාපකම් සඳහා ඔහුගේ කරුණාව හා භාග්යය තුළින් ඔහු අභිමත කරන අයට සමාව දෙන්නේය. කවරෙකු අල්ලාහ් සමග තවත් අයකු ආදේශ කරන්නේද සැබැවින්ම ඔහු සත්යයයෙන් පෙරළී ගොස් ඇත. එහි අන්තයටම ගොස් ඇත. හේතුව ඔහු මැවුම්කරු හා මැවීම් අතර සමානකමක් දක්වා ඇති බැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنْ یَّدْعُوْنَ مِنْ دُوْنِهٖۤ اِلَّاۤ اِنٰثًا ۚ— وَاِنْ یَّدْعُوْنَ اِلَّا شَیْطٰنًا مَّرِیْدًا ۟ۙ
මෙම ආදේශ තබන්නන් ලාත්, උස්සා වැනි කාන්තාවන්ගේ නම් තබන ලද ගල් පිළිරූ හැර වෙනත් කිසිවක් නමදින්නේ හෝ ඇරයුම් කරන්නේ හෝ නැත. ඔවුනට කිසිදු සෙතක් සැලසීමට හෝ හානියක් සිදු කිරීමට හෝ ඒ්වාට නොහැක. සැබැවින්ම ඔවුන් නැමදුම් කරනුයේ අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ ෂෙයිතාන්ටය. එහි කිසිදු යහපතක් නැත. හේතුව ගල් පිළිරූ වෙත නමදින්නට ඔවුනට නියෝග කර ඇත්තේ ඔහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَّعَنَهُ اللّٰهُ ۘ— وَقَالَ لَاَتَّخِذَنَّ مِنْ عِبَادِكَ نَصِیْبًا مَّفْرُوْضًا ۟ۙ
එබැවින් අල්ලාහ් ඔහු ව තම කරුණාවෙන් බැහැර කළේය. ෂෙයිතාන් තම පරමාධිපතිට දිවුරා “ඔබේ ගැත්තන් අතුරින් සත්යයෙන් පෙරළුණු නියමිත පිරිසක් මා වෙනුවෙන් පත් කර ගනිමි“ යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّلَاُضِلَّنَّهُمْ وَلَاُمَنِّیَنَّهُمْ وَلَاٰمُرَنَّهُمْ فَلَیُبَتِّكُنَّ اٰذَانَ الْاَنْعَامِ وَلَاٰمُرَنَّهُمْ فَلَیُغَیِّرُنَّ خَلْقَ اللّٰهِ ؕ— وَمَنْ یَّتَّخِذِ الشَّیْطٰنَ وَلِیًّا مِّنْ دُوْنِ اللّٰهِ فَقَدْ خَسِرَ خُسْرَانًا مُّبِیْنًا ۟ؕ
ඔබේ ඍජු මාර්ගයෙන් මම ඔවුන් ඉවත් කරමි. ඔවුන් නොමග යෑම ඔවුනට අලංකාරවත් කරවන බොරු ප්රතිඥාවන් තුළින් මම ඔවුනට ආශාවන් ඇති කරමි. අල්ලාහ් කවර කරුණක් අනුමත කර ඇත්තේද එය තහනම් කරනු පිණිස සිව්පාවුන්ගේ කන් කපා හැරීමට මම ඔවුනට අණ කරමි. අල්ලාහ්ගේ මැවීම් හා ඔහුගේ ස්වභාවය වෙනස් කිරීමට මම නියෝග කරමි. කවරෙකු ෂෙයිතාන් ව තම භාරකාරත්වය දරන භාරකරුවකු බවට පත් කරගෙන ඔහුට අවනත වන්නේද, බැහැර කරන ලද ෂෙයිතාන් සමග සම්බන්ධකම් පැවැත් වූ බැවින් ඔහු ඉමහත් ලෙස පාඩු විඳිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَعِدُهُمْ وَیُمَنِّیْهِمْ ؕ— وَمَا یَعِدُهُمُ الشَّیْطٰنُ اِلَّا غُرُوْرًا ۟
ෂෙයිතාන් බොරු පොරොන්දු ඔවුනට දෙයි. නොමනා ආශාවන් ඔවුනට ඇති කරයි. ඔහු ප්රතිඥා දෙන දෑහි අසත්යයක් මිස සත්යය පදනමක් එහි දැක ගත නොහැක.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُولٰٓىِٕكَ مَاْوٰىهُمْ جَهَنَّمُ ؗ— وَلَا یَجِدُوْنَ عَنْهَا مَحِیْصًا ۟
ෂෙයිතාන්ගේ පියවරවල් හා ඔහු යොමු කළ දෑ අනුගමනය කරන ඔවුන්ගේ වාසස්ථානය නිරා ගින්නය. එයින් පලා ගොස් සරණ පතන්නට ඔවුනට ඉඩ නොලැබෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أكثر تناجي الناس لا خير فيه، بل ربما كان فيه وزر، وقليل من كلامهم فيما بينهم يتضمن خيرًا ومعروفًا.
•මිනිසුන් කතා කරන බොහෝ දෑ හි යහපතක් නැත. බොහෝ වේලාවට එහි ඇත්තේ පාපයයි. යහපත හා දැහැමිකම අන්තර්ගත ව ඇත්තේ ඔවුන් කතා කරන ස්වල්ප දෑ හි පමණය.

• معاندة الرسول صلى الله عليه وسلم ومخالفة سبيل المؤمنين نهايتها البعد عن الله ودخول النار.
•අල්ලාහ්ගේ දූතයාණන්ට පිටුපෑම හා දේව විශ්වාසීන්ගේ මාර්ගයට විරුද්ධ වීම යනාදියෙහි අවසානය අල්ලාහ්ගෙන් දුරස් වීම හා නිරයට පිවිසීමයි.

• كل الذنوب تحت مشيئة الله، فقد يُغفر لصاحبها، إلا الشرك، فلا يغفره الله أبدًا، إذا لم يتب صاحبه ومات عليه.
•සියලුම පාපයන් සඳහා සමාව දීම අල්ලාහ්ගේ අභිමතය අනුව පිහිටා ඇත. ෂිර්ක් හෙවත් ආදේශ තැබීමේ පාපය හැර වෙනත් පාපකම් සඳහා අදාළ පාපය සිදු කළ තැනැත්තාට ඔහු සමාව දෙයි. ආදේශ තැබීමේ පාපයට අදාළ පුද්ගලයා පාප සමාව නොඅයැද මිය ගියේ නම් කිසිවිටක අල්ලාහ්ගේ සමාව ඔහුට හිමි වන්නේ නැත.

• غاية الشيطان صرف الناس عن عبادة الله تعالى، ومن أعظم وسائله تزيين الباطل بالأماني الغرارة والوعود الكاذبة.
•ෂෙයිතාන්ගේ එකම අපේක්ෂාව අල්ලාහ්ට නැමදුම් කිරීමෙන් මිනිසුන් ඉවත් කිරීමයි. ඒ සඳහා ඔහුගේ ප්රධාන මාධ්යය වනුයේ බොරු ප්රතිඥා හා රවටන සුළු ආශාවන් තුළින් ව්යාජත්වය අලංකාරවත් කර පෙන්වීමයි.

 
የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት