Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ   አንቀጽ:
لِلرِّجَالِ نَصِیْبٌ مِّمَّا تَرَكَ الْوَالِدٰنِ وَالْاَقْرَبُوْنَ ۪— وَلِلنِّسَآءِ نَصِیْبٌ مِّمَّا تَرَكَ الْوَالِدٰنِ وَالْاَقْرَبُوْنَ مِمَّا قَلَّ مِنْهُ اَوْ كَثُرَ ؕ— نَصِیْبًا مَّفْرُوْضًا ۟
දෙමාපියන් හා සහෝදරයින් මාමාවරුන් වැනි සමීප ඥාතීන් ඔවුන්ගේ මරණයෙන් පසු අතහැර දමා ගිය වස්තුවෙහි එය ස්වල්පයක් වුව ද විශාල ප්රමාණයෙන් වුවද ඉන් කොටසක් පිරිමි පාර්ශවයට හිමිය. එමෙන්ම ඔවුන් අතහැර දමා ගිය දැයින් කොටසක් කාන්තා පාර්ශවයටද හිමිය. අඥාන යුගයේ පැවති කාන්තාවන්ට හා දරුවන්ට උරුමය ලැබීමේ තහනමට විරුද්ධ ව මෙම ඉගැන්වීම පිහිටිණ. එම කොටස වගකීමකි. ඒ ඒ පාර්ශවයන්ට අනිවාර්යය වන කොටස අල්ලාහ් විසින් පැහැදිලි කරනු ලැබ ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا حَضَرَ الْقِسْمَةَ اُولُوا الْقُرْبٰی وَالْیَتٰمٰی وَالْمَسٰكِیْنُ فَارْزُقُوْهُمْ مِّنْهُ وَقُوْلُوْا لَهُمْ قَوْلًا مَّعْرُوْفًا ۟
අතහැර දමාගිය වස්තුව බෙදන අවස්ථාවේ උරුමකම් නොකියන ඥාතී අය අනාථයන් හා දිළිඳුන් සම්මුඛ ව සිටින විට හිතවත්කම පතා නුඹලාට ලැබිය යුතු ධනය බෙදන්නට මත්තෙන් ඔවුනට ද යමක් පිරිනමනු. ඔවුන් ඒ ගැන කැමැත්තෙන් පසුවෙති. එය කිසිදු උත්සහයකින් තොර ව නුඹලාට ලැබී ඇත. පිළිකුල් සහගත නොවන යහපත් වදනින් ඔවුන් සමග කතා කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلْیَخْشَ الَّذِیْنَ لَوْ تَرَكُوْا مِنْ خَلْفِهِمْ ذُرِّیَّةً ضِعٰفًا خَافُوْا عَلَیْهِمْ ۪— فَلْیَتَّقُوا اللّٰهَ وَلْیَقُوْلُوْا قَوْلًا سَدِیْدًا ۟
තමන් මරණයට පත්වීමෙන් ඔවුන්ගෙන් පසු ව දුර්වල කුඩා වියේ පසු වන දරුවන් අතහැර දමා ගියේ නම් ඔවුන් විනාශයට පත්වනු ඇතැයි ඔවුන් බිය වෙති. එහෙයින් ඔවුන් යටතේ පසු වන අනාථ දරුවන්හට අසාධාරණකම් සිදුවීමට අතහැර දමා බලා සිටීම ගැන ඔවුන් අල්ලාහ්ට බිය විය යුතුය. ඔවුන් එම අනාථ දරුවන් යහපත් අයුරින් රැකබලා ගන්නේ නම් ඔවුන් මිය ගිය පසු ඔවුන්ගේ දරුවන් යහපත් අයුරින් රැක බලාගන්නට අල්ලාහ් පහසු කරනු ඇත. එහෙයින් අයිතිය පිළිබඳ තම දරුවන්ට අන්තිම කැමැත්ත ප්රකාශ කරන අවස්ථාවේ එහි සහභාගී ව සිටින්නන් ඔහුගෙන් පසු ව ඔහුගේ දරුවන්ගේ උරුමයට කිසිදු අසාධාරණයක් සිදු නොවන පරිදි ක්රියාත්මක කළ යුතුය. අන්තිම කැමැත්ත අතහැර දැමීමෙන් තමන්ට අත්වන යහපත ඔවුන් අහිමි කර නොගත යුතුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ یَاْكُلُوْنَ اَمْوَالَ الْیَتٰمٰی ظُلْمًا اِنَّمَا یَاْكُلُوْنَ فِیْ بُطُوْنِهِمْ نَارًا ؕ— وَسَیَصْلَوْنَ سَعِیْرًا ۟۠
නියත වශයෙන්ම අනාථයින්ගේ ධනය ගෙන අසාධාරණ හා වෛරී ලෙස ඒවා වියදම් කරන්නන් වනාහි ඔවුන්ගේ මුඛවල් තුළින් ඔවුන් අනුභව කරනුයේ දවාළන ගින්නය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම ගින්න විසින් ඔවුන් දවාලනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُوْصِیْكُمُ اللّٰهُ فِیْۤ اَوْلَادِكُمْ ۗ— لِلذَّكَرِ مِثْلُ حَظِّ الْاُنْثَیَیْنِ ۚ— فَاِنْ كُنَّ نِسَآءً فَوْقَ اثْنَتَیْنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَ ۚ— وَاِنْ كَانَتْ وَاحِدَةً فَلَهَا النِّصْفُ ؕ— وَلِاَبَوَیْهِ لِكُلِّ وَاحِدٍ مِّنْهُمَا السُّدُسُ مِمَّا تَرَكَ اِنْ كَانَ لَهٗ وَلَدٌ ۚ— فَاِنْ لَّمْ یَكُنْ لَّهٗ وَلَدٌ وَّوَرِثَهٗۤ اَبَوٰهُ فَلِاُمِّهِ الثُّلُثُ ۚ— فَاِنْ كَانَ لَهٗۤ اِخْوَةٌ فَلِاُمِّهِ السُّدُسُ مِنْ بَعْدِ وَصِیَّةٍ یُّوْصِیْ بِهَاۤ اَوْ دَیْنٍ ؕ— اٰبَآؤُكُمْ وَاَبْنَآؤُكُمْ لَا تَدْرُوْنَ اَیُّهُمْ اَقْرَبُ لَكُمْ نَفْعًا ؕ— فَرِیْضَةً مِّنَ اللّٰهِ ؕ— اِنَّ اللّٰهَ كَانَ عَلِیْمًا حَكِیْمًا ۟
නුඹලාගේ දරුවන්ගේ උරුමයන් විෂයයෙහි අල්ලාහ් නුඹලාට අණ කර ඇති අතර ඔහු නුඹලාගෙන් ප්රතිඥා ගෙන ඇත. එනම්, සැබැවින්ම උරුමය වනාහි එය ගැහැනු දරුවන්ට හිමිවන කොටස මෙන් දෙගුණයක් පිරිමි දරුවාට බෙදා දෙනු ලැබිය යුතුය. පිරිමි දරුවකු නොමැති ගැහැනු දරුවන් පමණක් සිටින තැනැත්තෙකු ඔවුන් හැර දමා මිය ගිය විට ගැහැනු දරුවන් දෙදෙනෙකු හෝ ඊට වඩා වැඩි සංඛ්යාවක් සිටිනා විට ඔහු අතහැර යන දැයින් තුනෙන් දෙකක් ඔවුන් අතර බෙදා දෙනු ලැබිය යුතුය. එකම ගැහැනු දරුවකු පමණක් නම් ඔහු අතහැර දමා ගිය දැයින් අඩක් ඔහුට හිමි විය යුතුය. මිය ගිය තැනැත්තාහට ගැහැනු දරුවකු හෝ පිරිමි දරුවකු වී ඔහුගේ දෙමාපියන් ද සිටී නම් ඔහුගේ දෙමාපියන් සෑම කෙනෙකුටම ඔහු හැර දමා යන දැයින් හයෙන් එකක් හිමි විය යුතුය. ඔහුට දෙමාපියන් හැර කිසිදු දරුවකු හෝ උරුමක්කරුවකු හෝ නොවී නම් මව ට තුනෙන් එකක් ද ඉතිරිය තම පියාට උරුම වන්නේය. මිය ගිය තැනැත්තාට සහෝදරයින් දෙදෙනෙකු හෝ ඊට වැඩියෙන් වී නම් ඔවුන් පිරිමි හෝ ගැහැනු හෝ වේවා, එක කුස උපන් හෝ එක කුස නූපන් හෝ වේවා එවිට ඔහුගේ මව ට අනිවාර්යයෙන්ම හයෙන් එකක් හිමි විය යුතුය. ඉතිරිය වඩාත් සමීප ඥාතීත්වය අනුව පියාට හිමි වනු ඇත. සහෝදරයන්ට කිසිවක් උරුම වන්නේ නැත. උරුමය සම්බන්ධයෙන් මෙම බෙදීම් ක්රමය ක්රියාත්මක විය යුත්තේ මිය ගිය තැනැත්තා කවර දෙයක් පිළිබඳ අන්තිම කැමැත්ත ප්රකාශ කර ඇත්තේ ද එය ක්රියාත්මක කිරීමෙන් පසුවය. නමුත් ඔහුගේ අන්තිම කැමැත්ත ඔහුගේ ධනයෙන් තුනෙන් එකකට වඩා වැඩි නොවිය යුතුය යන කොන්දේසිය මත හා ඔහු වෙත පැවරී ඇති ණය පියවීමෙන් පසු ව යන කොන්දේසිය මතය. සැබැවින්ම අල්ලාහ් උරුමය පිළිබඳ වූ කොටස් මේ ආකාරයෙන් නියම කර ඇත. එසේ සිදු කර ඇත්තේ මෙලොවෙහි හා මතු ලොවෙහි සෙත සැලසීමෙන් නුඹලාට වඩාත් සමීප වනුයේ දෙමාපියන්ද දරුවන්ද යන වග නුඹලා නොදන්නා බැවිණි. මිය ගිය තැනැත්තා ඔහුගේ උරුමක්කරුවන් අතුරින් යම් කිසි කෙනෙකු යහපත් යැයි සිතා තම ධනය ඔහුට පිරිනැමිය හැක. එසේ නැතහොත් ඔහු නපුරෙක් යැයි සිතා ඔහුට පිරිනැමීමෙන් වැළකී සිටිය හැක. නමුත් ඇතැම් විට ඔහු සිතන ආකාරයට වඩා වෙනස් විය හැක. ඒ සියල්ල දන්නේ අල්ලාහ් පමණය. ඔහුට කිසිවක් සැඟවිය නොහැක. එහෙයින් ඔහු පැහැදිලි කළ පරිදි උරුමයන් බෙදිය යුතුය. එය ඔහුගේ ගැත්තන්හට වන අනිවාර්ය වගකීමක් ලෙස නියම කර ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. ඔහුගේ ගැත්තන්හට යහපත සලසන කිසිවක් ඇත්නම් ඒ ගැන කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු නීතිගත කිරීමෙහි හා සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• دلت أحكام المواريث على أن الشريعة أعطت الرجال والنساء حقوقهم مراعية العدل بينهم وتحقيق المصلحة بينهم.
•සැබැවින්ම පිරිමි පාර්ශවයට මෙන්ම කාන්තා පාර්ශවයටද ඔවුන් අතර සාධාරණත්වය සැලකිල්ලට ගනිමින් හා ඔවුන් අතර යහපත තහවුරු වන අයුරින් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන පරිදි ෂරීආ හෙවත් ආගමික නීතිය පිරිනමා ඇති බව දේපළ උරුමය පිළිබඳ නීති රීති පෙන්වා දී ඇත.

• التغليظ الشديد في حرمة أموال اليتامى، والنهي عن التعدي عليها، وعن تضييعها على أي وجه كان.
•අනාථයින්ගේ ධනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද ඒ ගැන ඉක්මවා කටයුතු කිරීමෙන් වැළකෙන මෙන් ද එය මොනයම් ආකාරයකින් හෝ වේවා නාස්ති කිරීමෙන් වැළකෙන මෙන් ද කරන ලද දැඩි අවවාදය.

• لما كان المال من أكثر أسباب النزاع بين الناس تولى الله تعالى قسمته في أحكام المواريث.
•බොහෝ විට මිනිසුන් අතර බෙදීම් ඇති වීමට හේතු වනුයේ ධනයයි. දේපළ උරුමය පිළිබඳ නීති රීති තුළ එය බෙදා දීමේ වගකීම අල්ලාහ් භාරගෙන ඇත්තේය.

 
የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት